මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි. අපි 30,000ක් දීලා ගේ ගන්නවා – ජනපති අනුර

0
16


“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60 යි. තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවාද ? තවම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුළිය ලක්ෂ 46 යි. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. 30,000 ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසෙ කුලියට. චන්ද්‍රිකා ඉන්න ගේත් තක්සේරු කරන්න ගියා, එතුමිය කියලා තිබුණා සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සෙ එන්න කියලා. දැන් ඇවිල්ලා ඉන්නෙ, දැන් යවනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 19) කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here