කෘතිම සහල් හිඟයට හේතුව මෙන්න..

0
3


මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර ඇති නිසා වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතු වූ බව, සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.

රජය කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීමට මැදිහත් විය යුතු බව ඔහු කියා සිටී.මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ නාඩු, සුදු සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් මතුව ඇති අතර, වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ පාලන මිලට සහල් මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.කෙසේ වෙතත්, මරඳගහමුල සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් ලබාදීම ගැටලුවක් වී ඇති බවය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here