2025 ජනවාරි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට කෘත්‍රිම බුද්ධිය (AI) අනිසි ලෙස භාවිතා කර වැරදි, නොමග යවනසුළු ආකාරයේ මෙන්ම අසත්‍ය මතයන් සත්‍ය ලෙස උලුප්පා පෙන්වීමේ පිටුබලයක් ඇත. මෙය අපගේ සංකීර්ණ වූ යථාර්ථයට තර්ජනය කරනවා පමණක් නොව, AI මත පදනම් වූ ව්‍යාජ තතු මඟින් ඉතිහාසය සහ ඒ පිළිබඳ අපගේ මනා අවබෝධය ද අනතුරේ හෙළයි.
වසර තුනකට පසු, “Squid Game” ඉකුත් වසරෙහි දෙසැම්බර් අවසානයේ එහි දෙවන කතා මාලාව සමඟින් ප්‍රේක්ෂකයා සමීපයට පැමිණීය. ටික්ටොක් වැනි සමහර සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම නිර්මාණය “සත්‍ය කතාවක්” මත පදනම් වූවක්, එනම් Brothers Home (Hyungje Bokjiwon) මත පදනම් වී ඇති බවට යම් අදහසක් ප්‍රචාරණය කරමින් සිටී.
1970 සහ 1980 ගණන් වලදී දකුණු කොරියාවේ බුසාන් හි පිහිටි සුබසාධන නවාතැන්පලක් ලෙස Brothers Home හැඳින්වේ. මෙම කඳවුර එම කාලපරිච්ඡේදය තුළදී දකුණු කොරියාවේ සිදු වූ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට නතු වූ ස්තානයක් ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය.
17,000 වාරයකට වඩා වැඩි ප්‍රමාණයක් ශෙයා කර ඇති සහ 50,000කට වැඩි පිරිසක් Like කර ඇති TikTok පලකිරීමක සටහන් කර තිබුණේ, එය 1986 දී, යම් රටක මිනිසුන් රඳවාගෙන සිටි භූගත බංකරයක මෙය සිදු වූ බවයි.
බ්‍රදර්ස් හෝම් හි සැබෑ රැඳවියන්ගේ ඡායාරූපයක් මෙහි සංසරණය වන අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රාශියක් සිදු වූ බුසාන්හි මෙම කුප්‍රකට සමාජ සුබසාධන ආයතනයට මෙම Squid Game සම්බන්ධ කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයින්ට වැඩි කාලයක් ගත නොවීය.
Images : Facebook
AI භාවිතයෙන් රෝස සහ කොළ පැහැති බිත්ති සහිත ගරාවැටුණු ගබඩාවක කාචයට ලක් කරගත් රූප සමඟ මෙම පුවත සමාජ මාධ්‍ය තුළ මහා ආන්දෝලනයක් ඇති කරන්නට විය.
“Squid Game” වැනි සිදුවීම් සඳහා බ්‍රදර්ස් හෝම් වැරදි ලෙස හඳුනා ගත් පළමු අවස්ථාව ද මෙය නොවේ.
“Squid Game” හි අධ්යක්ෂ Hwang Dong-hyuk ප්‍රකාශ කර ඇත්තේ මෙම නිර්මාණය සඳහා ඔහු පාදක කර ගත්තේ, ක්ෂේත්රයේ ඔහුගේ දුෂ්කරතා මෙන්ම සමකාලීන කොරියානු සමාජයේ ධනවාදය සහ අසමානතාවයන් පිළිබඳ ඔහුගේම අදහසක් බවයි.
Sri News Media