මැතිවරණයෙදී නෑසෙන හඬ වෙනුවෙන් හඬක්!

0
3


මහ මැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන යාම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම සභාව සඳහන් කළේ, ඊට අදාළ ඉල්ලුම පත්‍රය ඡන්ද ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරි වෙත යොමු කළ යුතු බවයි.

එම ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 83 (4) (ඈ) ඡේදය අනුව අදාළ පහසුකම් සලසා ඇති බව සඳහන් වේ. මේ අතර අශක්නුතාවට පත් ඡන්දදායකයන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයකු කැටුව යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ 2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනතේ ප්‍රධාන ප්‍රඥප්තියේ 40(2) උප වගන්තියට අනුවයි. එම ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here