මාධ්‍ය නිදහස ගැන ඩලස්ගේ ලිපියට ඇමති නලින්දගෙන් දැඩි ප්‍රහාරාත්මක පිළිතුරක්

0
9


එම සම්පූර්ණ පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය ඔහුගේ අයිතියකි.

මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.

මේ ප්‍රකාශය කළ ඩලස් සහ එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් යනු එක් අයෙකුමද, නොඑසේනම් දෙදෙනෙකුද යන්න සිතා ගැනීම අපහසුය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළේත් අසූව දශකයේ ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා ලියනු ලැබුවේත් එකම ඩලස්මද කියා ප්‍රශ්නයක් ඉතිරි වේ. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් ඔහුව භෞතිස්ම කළ ඩලස් මේ වනවිට සජිත් ප්‍රේමදාස සමග එක් කඳවුරක දේශපාලනය කරමින් සිටී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here