දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ සාමාන්‍ය සිර මැදිරියකට මාරු කරයි !

0
16


මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබේ.

ඊයේ (ජනවාරි 10) පස්වරුවේ ඔහුව සාමාන්‍ය සිර මැදිරියකට මාරු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

වෛද්‍ය නිර්දේශ මත මෙතෙක් කලක් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිටි අතර ඔහුව තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් නිර්දේශ කිරීම නිසා මෙසේ ඔහුව බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here