“සභාපතිට කියන්න ” ඇරඹෙයි!

0
2


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්,නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ඒ විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටලු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි.

ඒ අනුව එම වැඩසටහන “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර, එය ජනගත කිරීම පසුගියදා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කළ බව සඳහන් වේ.

මෙම වැඩසටහන මගින් අදාළ ගැටලු සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටලු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර තිබෙන බව දැක්වේ.

මීට අමතරව පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙන බව සඳහන් වේ.

පැමිණිලිකරුවාගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පියවර ගෙන තිබෙන අතර, 0112 864188 දුරකථන අංක ඔස්සේ ද පැමිණි භාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsasp අංකය ඔස්සේ හා [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණි යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසේ.

විගමනික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර සාම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමීප කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here