අද (09) දින 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු. බි. 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.
ඒ අනුව අද දින ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ සඳහා සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය පහත ආකාරයෙන් දැක්වුණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4
මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229
ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60
Sri News Media