සනත්මය,චමරිමය ආරම්භයකට 19 න් පහළ ක්‍රීඩිකාවන්ටත් උත්සාහ කළ හැකියි

0
5


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගයෙන්,බංගලාදේශ කණ්ඩායම කඩුලු 4 ක ජයක් ලබන්නට සමත් වුණා.ඒ අනුව සිව්වන තරගය ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ඉදරියෙන් සිටි තරගාවලියේ ප්‍රතිපලය 2-1 ක් ලෙස වෙනස් වෙනවා.

එළැඹෙන ලෝක කුසලානයට සහභාගිවන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වීමට සියලු සුදුසුකම් ඇති අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තරගය ඇතුළත නිවැරදිම තීරණ ගැන සිතීමට සහ අභියෝගාත්මකව සම්ප්‍රදායෙන් පිට තීරණ අත්හදා බැලීමට හැකි මානසික ශක්තියත් නිර්මාණය විය යුතුව තිබෙනවා.එසේම පිතිකරණයේදී ආරම්භක පිතිකාරිණියන් අතර දැනට දකින්නට ලැබෙන ආරම්භක පිතිකාරිණියන් මත යැපෙන කාරණයෙන් පිටට සිතා එහි එක වගකීමක් මනුදි හෝ රශ්මි මත පටවා පුහුණු කළ හැකිනම්,චමරිමය හෝ සනත්මය ඉතිහාසයට සමාන වෙනසක් සිදු වීමේ බලාපොරොත්තු ද තබා ගත හැකි බවත් දැනෙනවා.

කෙසේ හෝ මේ තරගයේදී ලිමිණි තිලකරත්න සහ ප්‍රමුදි මෙත්සරා වෙනුවට කණ්ඩායමට හිරුනි හංසිකා සහ රශ්මි නේත්‍රාංජලී කැඳවා තිබුණා.පන්දුවට පහර දීමේදී ඉණිම ආරම්භයට සාර්ථක නොවූ නිලකුණු පන්දු සටහන් වැඩි කුඩා ලකුණු සංඛ්‍යාවක් ආරම්භක පිතිකරුවන් විසින් එකතු කළා.දැහැමි සෙනෙත්මා මේ තරගයේදීත් වැඩිම ලකුණු ගණන ලබමින් ලකුණු 24 ක් ලැබුවා.මනුදි නානායක්කාර ලකුණු 16 ක ලැබූ අතර රශ්මිකා සෙව්වන්දි ලකුණු 11 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.

කඩුලු 6 ක් බිඳ වැටුණු තැන ආරම්භක පිකිකාරිණිය ලෙස යොදා ගෙන සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වූ හිරුණි හංසිකා පසුපසට පැමිණ පන්දු 19 න් ලකුණු 24 ක් නොදැවී ලබා ගත්තා.ශෂිනි ගිම්හානි පන්දු 7 දී ලකුණු 14 ක් නොදැවී ලබා ගත්තා.පන්දු ඕවර් 20 නිමාවන විට එම තත්ත්වය නිසා ලකුණු 109 ක් වූ ලකුණු පූවරුවේ දැවී ගිය කඩුලු ලෙස 6 ම සටහන් වූ අතර ශෂිනි සහ හිරුනි 7 වන කඩුල්ලට නොබිඳි ලකුණු 36 ක් එකතු කර තිබුණේ පන්දු 21 ක් තුළ දී වීමත් කැපී පෙණුනා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here