පාස්පෝට් ඇනවුම පරණ පාරේම යවන්න මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු ?

0
17


මේ ප්‍රශ්නය මතුවුණේ පසුගිය රජය සමයේ කැඳවූ ඊ-පාස්පෝට් ටෙන්ඩරය සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්නයක් එක්ක. එහිදී සමාගමක් අධිකරණයට ගිහින් ලබාගත් වාරණ නියෝගයක් නිසා ඒ ටෙන්ඩර් කටයුතු හිරවෙලා තියෙනවා.

කොහොමවුණත් ඔය අතරේ නැවතත් පාස්පෝට් හිඟයක් ගැන කියමින් ජනතාව බියවද්දා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වෙලා තියෙන බව ආරංචිමාර්ග සඳහන් කරනවා. මේ හරහා ආයෙත් පාස්පෝට් පෝලිමක් කෘතීමව ඇති කරලා පරණ සමාගමටම තවත් පාස්පෝට් ඇනවුමක් ලබාදෙන තැනට ආණ්ඩුව තල්ලු කරන්නලු උත්සාහය යන්නේ.

මේක සිද්ධ වෙන්නේ පසුගිය ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව කිහිපයක මෙහෙයවීමෙන් ලු. විපක්ෂයේ තවත් සමහර පිරිසුත් දැන හෝ නොදැන මේ මෙහෙයුමේ කෑලි ඇදගෙන යනවා ලු. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ ගැන දිගටම අනාවරණය කරපු වෛද්‍ය චමල් සංජීවටත් හිටපු ගමන් පාස්පෝට් මතක් වෙන්නේ ඇයිද කියන එකත් ප්‍රශ්නයක් ලු.

බුද්ධි අංශ තමන්ට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු රජයට වාර්තා කරලා තියෙන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති බවත් තමයි ආරංචිමාර්ග වැඩිදුරටත් කියන්නේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here