ගල්කිස්ස වටරප්පල පාරේදී අද (ජනවාරි 07) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සුදත් ගෝමස් නමැති 36 හැවිරිදි අයෙකු සහ චානුක විමුක්ති පීරිස් නමැති 20 හැවිරිදි අයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද අලුයම 04.45 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Sri News Media