අපි අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 5කින් එළියට යන්න නෙවෙයි – මාලිමා මන්ත්‍රී බලගල්ල

0
18


ජනතා විමුක්ති පෙරමුණ වසර 59ක් තිස්සේ දුක් වින්දේ පාලන බලය ලබාගෙන වසර 5කින් බලය අත්හැර යන්නට නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා අවධාරණය කරයි.

“අවුරුදු 77කට ආසන්න කාලයක් මේ රටේ දුප්පත් ආදරණීය අම්මලා තාත්තලාගෙ ශ්‍රමය, ධනය, දහඩිය සූරාකාපු පාලන ක්‍රම දෙකක් එළියට දාලා තමයි ජාතික ජන බලවේගයේ අපි මේ පාලන බලය ගත්තේ. ඒ නිසා අපි ඔබට පළමුකොටම සහතික කරලා කියනවා අපි අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 5කින් එළියට යන්න නෙවෙයි”

සුදත් බලගල්ල මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here