ගම්මන්පිල දැඟළුවාට අපි කලබල නෑ. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වලා වාර්තා එළියට දානවා – විජිත

0
4


පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර වගකී සහගත ආණ්ඩුවක් වශයෙන් ඊට අදාළ පියවර ගන්නවා මිස එක් එක් පුද්ගලයින්ගේ පටු දේශපාලන වුවමනා අනුව තමන් ක්‍රියාත්මක නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“පොඩි ළමයි සෙල්ලම් බඩු පොළවේ ගහනවා අවධානය දිනාගන්න. ඉතින් ගම්මන්පිල පොඩි එකෙක් වගේ දඟළන එක ගැන මම එච්චර කලබල වෙන්නෙ නෑ. දැන් ඔවුන් දේශපාලනයේ පරාජිත වෙලා ඉන්නේ. ඒවා ගැන එච්චර තැකීමක් කරන්නෙ නෑ”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලාගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඇයි මේ වාර්තා එළියට දාන්න මොකක් හරි ගැටලුවක් තියෙනවාද කොහෙන් හරි ?

“කිසි ගැටලුවක් නෑ. අපි කලට වෙලාවට නිවැරදි පරීක්ෂණ අනුව ඒ දේවල්වලට අදාළව පියවර ගන්නවා. එක එක්කෙනාගෙ තියෙන පටු දේශපාලන වුවමනාවන් අනුව නෙවෙයි අපි ඒවා කරන්නෙ, වගකීම් සහගත ආණ්ඩුවක් විදියට”

ප්‍රශ්නය – එතකොට දිනයක් හරියට කියන්න බැරිද ඇමතිතුමා ?

“පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා කෙටි කාලයක් තුළ අවසන් කරනවා”



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here