කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් හැටි අහන්න රනිල් සහ දිනේෂ් CID වෙත!

0
23


2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා එම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණු අතර එහිදී හිඟයක් පවතින ඖෂධ පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකර නොතිබුණු බවද පසුව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් මීට ඒආ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමතිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හෙයින් ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව එම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවූ අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියි.

2022-2023 වසරවලට අදාළව ඖෂධ වර්ග 77 ක මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණනයක වාර්තාව ද විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී අනාවරණය වී තිබුණේ ඖෂධ වර්ග 77 න් ඖෂධ වර්ග 11 කට අදාලව සිදු කරන ලද විගණනයෙන්, එකී ඖෂධ මිලදී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 709 කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.

එමෙන්ම, තවත් ඖෂධ වර්ග 04 කට අදාලව සිදු කළ විමර්ශනයේ දී ඉන් තවත් රුපියල් මිලියන 167 ක පාඩුවක් සිදුව ඇති බව හෙළි වී තිබුණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here