ලක් සතොස හා සමූපකාර හරහා ආනයනික සහල් තොග බෙදාහැරේ!

0
12


අද(01) සිට, රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී. ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ  සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එහි සහල් මෙට්‍රික්ටොන් 780ක් අඩංගු බව සඳහන් වේ.

ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බවත්, තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවත්, සභාපතිවරයා පැවසුවේය. තවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here