අසත්‍ය පුවතක් සම්භන්ධවයි!

0
3


2024.10.15 වන දින වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපති තුමාගේ නිරීක්ෂණයට ලක් වූ බවට කරුණු හුවා දක්වමින් අසත්‍ය පුවතක් YouTube සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වෙමින් පවතින අතර ,ජනාධිපතිතුමා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාර අයතනනයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්ධයෙන් කිසිදු විමසීමක්ද කර නොමැති බවද වාර්තා වේ. තවද බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවුවන් සඳහා ආහාර ලබාදීමේදී සලාක ලබාගැනිමේ සිට නේවසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ සිදුවන අතර එය ආයතන ප්‍රධානියාගේ අධීක්ෂණයටද ලක්වෙන බව පැවසේ.

පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබාදීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් ආහාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබාදීමට කටයුතු කරනු ලබන බවද වැඩිදුරටත් සඳහන් වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here