අවුුරුද්දේ පළමු පිහාටු මල් සුවඳ හැමීම වවුනියාවෙන්

0
3


නව වසරේ පළමු ජාතික මට්ටමේ බැඩිමින්ටන් තරගාවලිය සඳහා උතුරු පළාත් බැඩිමින්ටන් සංගමය ඉදිරිපත් වී තිබෙනවා.ජනවාරි 15 දා සිට 19 වන දා දක්වා මෙම තරගාවලිය වවුනියාවේ පිහිටි වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකිරීණයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා විවෘත තරගාවලියට අමතරව කණිෂ්ඨ සහ ප්‍රවීන තරග අංශද ඇතුළත් කර තිබෙන අතර කණිෂ්ඨ අංශයේ තරග අවුරුදු 11 න් පහළ,13න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස ක්‍රීයාත්මක වෙනවා.එම වයස් කාණ්ඩවලදි බාලක සහ බාලිකා ලෙසත්,බාලක යුගල සහ බාලිකා යුගල ලෙසත් තරග ක්‍රියාත්මක වීමට නියමිතයි.

ප්‍රවීන තරග අංශයේදී වයස් 35 න් ඉහළ සිට පහෙන් පහට වැඩි වන සේ අවුරුදු 70 න් ඉහළ දක්වාත්,වයස් එකතුව සළකා 100 ට වැඩි,110 ට වැඩි සහ 120 ට වැඩි ලෙස තරග කාණ්ඩ තුනක් එකතු කිරීමට ද කටයුතු කර තිබෙනවා.මෙම තරග පිරිමි,කාන්තා,පිරිමි යුගල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස පැවත්වෙන අතර තරගාවලියේ ප්‍රධාන තරග අංශය වන විවෘත අංශයේ තරග ද පිරිමි,කාන්තා,ලිරිමි යුගල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල සෙල පැවත්වෙනවා.

තරගාවලියට අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලෙස ජනවාරි 5 වන දා සැළකෙන අතර අයදුම්ප් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සහ අභියාචනාවන් සළකා බැලීම ජනවාරි 9 වන දා අවසන් කර,වත්මන් ජාතික ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානය යොමු කර තරග පැවත්වෙන ආකාරය ජනවාරි 10 වන දා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එසේම තරගාවලියේ පළමු වටයේ පරාජිතයන් අතර විවෘත කාණ්ඩයේ තරගාවලියක් ප්ලේට් සූරතාවය සඳහා ද පැවත්වෙන අතර වැඩි විස්තර සඳහා පහත සබැඳිය යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
https://bit.ly/40aVHHt

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here