සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

0
27


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් , දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

ඊයේ (26) දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කෙරුනු මෙම අති විශේෂ ගැසට්‌ නිවේදනය ප්‍රකාරව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් වේ.

මෙලෙස සන්නද්ධ හමුදා කැඳවා ඇත්තේ, මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි .



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here