ලංකාවේ සියල්ලන්ගේ ගමන අර්ධ අවසන් පූර්ව වටයෙන් නවතියි.

0
19


නේපාලයේ පැවති Nepal International Challenge 2024 බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ ජයග්‍රාහී බලාපොරොත්තු අර්ධ අවසන් පූර්ව වටයෙන් නැවතිණ.පිරිමි අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලොව 61 වන තැනට ශ්‍රේණිගතව සිටින ඉන්දීය ක්‍රීඩක මේරබා ලුවාන්ග් මයිස්නම් ඉදිරියේ පරාජය භාර ගන්නට විරේන් නෙත්තසිංහට සිඳු විය.ඉතා තියුණු මුහුණුවරක් ගත්,විනාඩි 52 ක් පුරා ඇදී ගිය එම තරගයේ ජයග්‍රහණය ලුවාන්ග් සතු වූයේ ලකුණු 21 – 18,15 – 21 සහ 21 – 19 ක් ලෙසය.
පිරිමි යුගල තරගවලදී ශ්‍රී ලංකාවේ දිනුර රශ්මික සහ සියත් සේනාරත්නව වට 2- 0 ක් ලෙස විනාඩි 18 දී පහසුවෙන් පරාජය කරන්නට විප්ලාව් කුවාලේට සහ විරාජ් කුවාලේ ට හැකි විය.ලකුණු තත්ත්වය දැකු වූණේ 21 – 3 සහ 21 -4 ක් ලෙසය.

ජනනුවනි අමන්දා සහ නිසලි බාලසූරිය කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වූයේ තායිලන්තයේ කොඩ්චාපෝන් චායිචන්නා සහ පනාවී පොලියිම් ඉදිරියේ ය.ලකුණු තත්ත්වය දැක් වූණේ 21 – 8 සහ 21 – 7 ක් ලෙසය.හසිනි අම්බලංගොඩ සහ හසාරා විජේරත්න මැලේසියාවේ කිසෝනා සෙල්වදොරේ සහ යැප් රූයි චෙන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය විය.ලකුණු තත්ත්වය දැක් වූණේ 21 – 13, 21 – 10 ක් ලෙසය.

ඡායාරූපයේ දැක්වෙන්නේ විරේන්ව තියුණු සටනකින් පසුව පරාජය කළ මේරබා ලුවාන්ග් මයිස්නම් ය.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here