අද (25)දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කහතුඩුව පිවිසුම අසලදී ආරක්ෂිත වැටේ ගැටී අනතුරක් සිදුව තිබෙන අතර, අනතුරට පත් ලොරි රථය බෑවුමකට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ .
සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ,ලොරි රථය බෑවුමට පෙරළීයාමේදී එහි කිලෝ 50ක බරින් යුත් ඩොලමයිට් කොට්ට 600ක් තිබූ අතර ලොරි රථය වට 03ක් පෙරළී ගොස් ඇති බවයි.අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබෙන අතර, සිද්ධිය සම්බන්ධව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බව පැවසේ.
Sri News Media