හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
ඇය වෘත්තියෙන් ගුරුවරියකි.
එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.
එහිදි දින දෙකක් ප්රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ.
Sri News Media