ශම්මි සහ ආසියාවේ ක්‍රිකට්

0
8


ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාය.තරමක අවුල් නූල් බෝලයක් ඔහුට භාර වී ඇත.විශේෂයෙන් ආසියාවේ ක්‍රිකට් බලවතා නොව ලෝකයේම ක්‍රිකට් බලවතා ඉන්දියාවය.ඉන්දියාවේ සහ පකිස්තාකයේ දීර්ඝකාලීන නොහොදකම නිසා ආසියාවේ වැඩ කිරීම මෙන්ම ලෝකයට වැඩ කිරීම ද පහසු නැත.ඔවුන් මේ වන විටත් තරගාවලි දෙකක් වෙනුවෙන් අනෙක් රටට පා නොතබන තීරණයක සිටගෙන යම් අවුලකට පත්ව ඇත.

මේ තත්ත්වය මත දෙරටට අයත් නොවන සභාපතිවරයෙකු ලෙස ශම්මි සිල්වාට මැඳින් සිට එම අර්බූදයට විසඳුමක් ලබා දීමේ වගකීම ද ඉටු කරන්නට සිඳුවනු ඇත.යම් ආකාරයකින් දෙරට දේශ සීමා පැන අනෙකාගේ රටේ තරග පිටියකට පා තබන තත්ත්වයට පත් කර ගන්නට ශම්මිට හැකි වුවහොත්,ජාත්‍යන්තරය එය ක්‍රිකට් පිටියට පමණක් සීමා නොවුණු කාරණයක් හැටියට නොගන්නවා ඇත.එය රාජ්‍යයන් දෙකක සුහදතාවය වෙනුවෙන් ක්‍රීඩාව යොදා ගැනීමේ දැවන්ත කාර්යයක් වනු සැක නැත.

එසේම ආසියාවේ ක්‍රිකට්වලට ඇති සමාජමය ප්‍රශ්න වැඩිය.ඒ බොහෝ දේවල් නොදියුණු සිතුවිලි මත ගොඩ නැඟුණු ආගමික බලහත්කාරය පදනම් කර ගත් සිඳුවීම් සමඟ බැඳී ඇත.ඒ අතර ඇෆ්ගනිස්තානය ප්‍රමුඛය.ලෝක ක්‍රීඩා සංවිධාන බොහොමයක් මේ වන විට ඇෆ්ගනිස්තානය කාන්තාවන්ගේ ක්‍රීඩා අයිතීන් අහෝසි කර දැමීමට එරෙහිව සිය විරෝධය දක්වමින් ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන් ප්‍රධාන තැනක් ගන්නේය.ඔවුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද භූමියක් අහිමි ක්‍රීඩාවන් සහ එම දක්ෂතා ආරක්ෂා කිරීම සඳහා පෙළ ගැසී සිටින තත්ත්වයක ආසියානු ක්‍රිකට් පරිපාලනයට එම කරුණ සැළකිල්ල දැක්විය යුතු කරුණක් ලෙස තමන්ගේ ඇස්වල වඳින්න වැඩි දවසක් නැත.

ඒ නිසා මේ මොහොතේ ශම්මි සිල්වාට ලැබී ඇති වගකීම ක්‍රීඩාවකට පමණක් සම්බන්ධ වැඩ සටහනක් නොවේය.එහි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සමඟ ගැටෙමින් උපායශීලීව ආසියාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යාමේ වගකීමක්ය.අයිසීසි ය තමන්ගේ න්‍යාය පත්‍රයේ ආසියානු කොටස හැටියට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රශ්නය විසඳාලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට වගකීම පවරනු ඇත.

විශේෂයෙන් මැද පෙරදිග රටවල් මේ වන විට කාන්තා ක්‍රිකට් කෙරෙහි ආකර්ශණය වෙමින් ඇත.මෙවර කාන්තා 19 න් පහළ තරගාවලිය පැවත්වූයේ ද මැලේසියාවේය.මේ තත්ත්වය ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් ස්ථාපිත කිරීම සඳහා නිදසුන් ලෙස යොදා ගත හැකී පෙළඹීම්ය.එසේම ඇෆ්ගනිස්තානය හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නියැලුණ ද,එහි උසස් ක්‍රීඩාංගණ නැත.ඒ පහසුකම් සැපයීම සඳහා ආසියානු ක්‍රිකට් දරණ උත්සාහයන් ද,ඇෆ්ගනිස්තානයේ දැඩි සිත් මෙලෙක් කිරීමට හේතුවක් විය හැකිය.

බොහෝ රටවල් සමඟ ගණුදෙනු කිරීමේදී ඔවුන්ගේ අන්තවාදි අදහස්වලින් ක්‍රිකට් නිදහස් කර ගැනීම ගැන කල්පනාකාරී විය යුතුව ඇත.එසේම ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සුරැකෙන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් සහ එහි සීමාව අන්තවාදයෙන් මෙපිට රඳවා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ දේශපාලනමය වගකීම ආසියානු ක්‍රිකට් සභාපතිවරයාගේ අත ඇති සූක්ෂම කාර්ය භාරයකි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here