නේපාලයේදී තිදෙනෙකුගේ බලාපොරොත්තු සුන් වෙයි – සෙනුක් ප්‍රධාන තරග සටහනට සුදුසුකම් ලබයි

0
23


නේපාලයේ පැවත්වෙන නේපාල විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට බලාපොරොත්තු සුන් කර ගන්නට ඊයේ දිනයේදී සිඳු වුණා.ප්‍රධාන තරග සටහනට ඇතුළත් වීමේ අදහසෙන් සුදුසුකම් ලැබීමේ වටයේ තරග කළ තිළිණ රාජකරුණා සහ ආශිංෂන හේරත් පරාජය ලැබුවා.එසේම කාන්තා කේවල තරග සඳහා ඉදිරිපත් වූ රහ්මි මුදල්ගේ ද පරාජයට පත් වුණා.මේ තිදෙනාම පරාජයට පත් වුණේ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින්.

සේ අතර ප්‍රධාන තරග සටහනට ඇතුළත් වීමේ අදහසෙන් සුදුසුකම් ලැබීමේ වටයේ තරග කළ සෙනුක් සමරරත්න තමන් සහභාගි වූ තරගය ජය ගෙන ප්‍රධාන තරග සටහනට උසස් වීමට සමත් වුණා.ඔහු විසින් නේපාලයේ සුනිල් ජෝශි ලකුණු 21 – 18 සහ 21-8 ක් ලෙස විනාඩි 26 ක් කාලයක් ගත කර පරාජය කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here