සුගත්ගේ කතා ගැන අපේ කතාවක්

0
24


ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ක්‍රීඩකයෙකු නිසාම පවතින බොහෝ ක්‍රීඩා උත්සව අවස්ථාවන් සඳහා ඔහුවම සහභාගි කරවීම සුලබ දසුනක් වී ඇත.එය ක්‍රීඩාවකින් ජයග්‍රහණය කරනු ලැබූ ක්‍රීඩකයෙකුට ඔලිම්පික් දක්වා සහභාගි වූ ක්‍රීඩකයෙකු අතින් ජය සංඛේත ලැබිමේ අවස්ථාව හිමිවන බැවින් ජයග්‍රාහකයාට අමුතු ගැම්මක් ඇති කිරිමකි.සතුටක් මතු කිරීමකි.
එහෙත් එය නිතර නිතර දැකීම මෙන්ම කිරීම ද සුදුසු නැත.ක්‍රීඩකයෙකුට වඩා රාජ්‍යමය වශයෙන් ක්‍රීඩාවට පරිපාලකයෙකු ලෙසින් සම්බන්ධ වීමේදී ඔහුට තව දුරටත් දත යුතු බොහෝ දේ වෙනුවෙන් සිතා බැලීමට සහ අධ්‍යයනයට අවශ්‍යය කාලය අඩු විය හැකිය.එසේම පරිපාලකයෙකු වශයෙන් ප්‍රශ්න නිරාකරණයේදී යම් පරිනත ස්වභාවයක් පෙන්වන ක්‍රීඩා අමාත්‍යවරයා ද,ඇත්ත ක්‍රීඩා පොළවට බැස,සැබවින්ම එහි ආශ්වාස ප්‍රාශ්වාස සිදුවන ආකාරය උගත යුතුව ඇත.

එහෙත් සුගත් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට සූරතා සහ කුසලාන පිරිනැමීමට එක්වෙමින් කී අපූරු කතාවක් කීවේය.ඒ ක්‍රීඩාවේ දී තමන් දකින්න කැමති තමන්ව පසු කර යා හැකි දක්ෂයන් බවය.පෞද්ගලිකව ගත් විට පසුගිය කාලය පුරාම තවමත් නොබිදී පවතින මීටර් 400 වාර්තාව බිඳ වැටෙනු දැකීමට සුගත් කැමත්තෙන් සිටින බව මේ ලියුම්කරු දන්නා කරුණක්ය.ඒ වාර්තාව බිඳ දැමිය හැකි අය මතුවන විට ඒ ගැනත්,ඔවුන්ට ඒ කඩ ඉමට ළඟාවීමට අපහසු ඇයි ද යන්නත්,කළ යුතු දේ කුමක්ද යන්නත් කතා කිරීමට බොහෝ වේලා ගත කර ඇති අතර දන්නා තරමින් ඒ දේවල් එම පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සමඟද කතා කර ඇත.

ඉතිහාස පොතෙන් වාර්තාවක් ඉදිරියේ ඇති තම නම මැකී යාමට අකමැති අය අතර සුගත් ඉතිහාසයට වඩා අනාගතය යහපත්ව දැකීමට කැමති වීම සුබ නිමිත්තක්ය.ඔහු ඒ ගැන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් පසුව මහනුවර බෝගම්බර ක්‍රීඩා සංකීරණය පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදී පවසන්නේය.පෞද්ගලික අභිමතාර්ත ජය ගැනීම අපේක්ෂාවෙන් ක්‍රීඩාවට එන අය ඉදරියේදී අනවශ්‍ය බව සුගත් එහිදී පවසා ඇත.එහෙත් පෞද්ගලිකව පොදුවේ මේ රටේ ක්‍රීඩාව ජයගැනීම සිය අභිමතාර්ථය කර ගත් අය ක්‍රීඩාවට අනවශ්‍යය බව එම වචනවල නොරැදුණු බව අපි විශ්වාස කරන්නෙමු.

ඇත්තටම සුගත් ගේ එම වචනවලින් ඇතුළට කිදා බැස තේරුම් ගත යුතු ඇත්ත පෞද්ගලිකව ක්‍රීඩාව කෙරෙහි ජයග්‍රහණ ගෙන ඒමට සිය අභිමතාර්තය කරගෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන්නන් ක්‍රීඩාවට අවශ්‍යය බවය.මේ වන විටත් රටේ ක්‍රීඩාව විනාශකාරී ලෙස පාලනය කරපු ඇතැම් පිරිස් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසා ඔවුන් ජාත්‍යන්තර වශයෙන් වගකීම් දරන්නන් බවට පත් වී,රටේ ක්‍රීඩාව වෙනුවෙන් පොදු අරමුණකින් සංවර්ධනය පිණිස කැපවෙන අයට වින කැටීම සිඳු කරන අයුරුද අපි පස්ගිය කාලයේ දැක ඇත.හොඳම උදාහරණය රගර් ය.මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පිළිතුර නම් ඒවා ඔහුගේ කාලයේ සිඳු නොවුණු ඒවා බවය.එහෙත් කාලයක් තිස්සේ නොසළකා හැර තිබෙන වැරදිවලින් තවමත් අකටයුතුකම් සිඳුවන්නේ නම් පස හාරා මුල් මතු කර මුල් පිටින් ඒවා විනාශ කර දැමිය යුතුව ඇත.

තවත් ආකාරයකින් බොක්සිං වලදී සුගත් පසු කළ යා හැකි ක්‍රීඩකයෙකු ඔහුට හමුවන්නට ඇතැයි අපි සිතන්නෙමු.ඒ උමයංග මිහිරාන් නම් අපූරු බොක්සිං ක්‍රීඩකයාය.අඩුම තරමේ ඔහුගේ පෝෂණ කටයුතු වෙනුවෙන් මැදිහත් විය හැකි අනුග්‍රාහකයෙකු සොයා දිය හැකිනම් එය අපූරු මැදිහත්වීමක් වනු ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා හරහා මේ සඳහා පෞද්ගලික මැදිහත්වීමක් කළ හැකිය.අපට අපේ මුල් ගැන දැණුන බැදීමක් ඇලීමක් ඇත.ජපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිකයෙකු වන මේ යොවුන් බොක්සිං ක්‍රීඩකයා වෙනුවෙන්,එහි ආදි විද්‍යාර්ථිකයෙකු වන ක්‍රීඩා අමාත්‍යවරයාට, ජපුර නාමයෙන් පිරිසක් එකතු කර අනුග්‍රාහ සංධානයක් ගොඩ නඟන්නට හොඳටම හැකියාව ඇත.රජයෙන් සැළසුම් සකස් කර,පෞද්ගලික අනුග්‍රාහකයන් සොයා මැදිහත්වීමට නැකත් හදන ක්‍රියාවලිය තෙක් ඉවසන්නට බැරි මෙවැනි අවශ්‍යයතා වෙනුවෙන් ලේ නලියන නහරයක් අල්ලා සනීප කිරීම ඉක්මන්ය.ජපුර නාමයෙන් ඒ වාඩේට පිරිසක් එකතු කර ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට පෞද්ගලිකව හැකි වෙනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here