ඉරයි හදයි නොසළකා හැරීමේ කතාව

0
26


ඉරයි හදයි දෙකම නමට තිබුණු රවිචන්ද්‍රන් අස්වින් සමහර වෙලාවල්වලදී තමන්ට වඩාත් හුරු පුරුදු පන්දුවෙන් විතරක් නෙමෙයි පිත්තෙනුත්,ඉන්දියාවෙ ඉරණම අඳුරු පැහැයට හැරිලා තියෙද්දි සඳක් වගේ පායලා අවිත් ආලෝකය දුන්න අවස්ථා තියෙනවා.ඒ වගෙම ඉරක් වගෙ දීප්තිමත්ව ක්‍රියාත්මක වෙමින් ප්‍රතිවාදී බලඇණි සිය දඟ පන්දුවෙන් සුණු විසුණු කර ඉන්දියාවෙ ජය තහවුරු කරපු අවස්ථාත් තියෙනවා.
මේ ඉර හද වගෙ ඉන්දියාවෙ ක්‍රිකට්වලට දායක වෙච්චි රවිචන්ද්‍රන් අශ්වින් ගැබා හී පැවති,ඔස්ට්‍රේලියාව සමඟ වූ තෙවන ටෙස්ට් තරගයෙන් ඉනික්බිති හදිසියේම සිය විශ්‍රාමයාම ප්‍රසිද්ධ කරනවා.ඔහුට ඒ ටෙස්ට් තරගයෙත් අවස්ථාවක් නැතුව තියෙද්දි තමයි අශ්වින් මේ තීරණයට එළැඹෙන්නෙ.

විටෙක මුරලිගේ වාර්තාවටද තට්ටු කරයි යන සැකයෙන් බලපු අශ්වින්,ටෙස්ට් කඩුලු 537 ක හිමිකාරයෙක්.එපමණක් නොවේ,ඔහු පිත්තෙන් ටෙස්ට් ශතක 6 ක් රැස් කරන්නත් සමත් වූ ක්‍රීඩකයෙක්. ඒත් ඔහුට මුරලිගේ ටෙස්ට් කඩුලු 800 වෙනුවට අවසානයේ ළඟාවෙන්න වුණේ ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස තරග කාණ්ඩ තුනේම කඩුලු 765 ක් පමණක් ලබාගෙනයි.

කෙසේ නමුත් රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාවට විශාල වටිනාකමක් එකතු කරන්න දායක වූ ක්‍රීඩකයෙක්.එය අවිවාදාත්මකයි.ඔවුන් සතුව සිටින වැඩිම කඩුලුලාභියා.ඒ වුණාට අශ්වින්ට පසුගිය කාලයේ ඉන්දියානු කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි වුණේ නැහැ.ඒ තත්ත්වය වඩාත් හොඳින් පේන්න ගත්තෙ ගෞතම් ගාම්භීර් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වූ පසුව බවත් පැවසෙනවා.

අශ්වින් පෙර ප්‍රකාශයකින් තොරව විශ්‍රාමය ප්‍රකාශ කරන්නෙ මේ නොසළකා හැරීම නිසා විය හැකියි.ඔහු ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කැඳවීම භාරගෙන ඇත්තේම අශ්වින් ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වයට ක්‍රීඩා කරන 11 දෙනා අතර තමන් සිටිනවානම් පමණක් සංචාරයට එක්වන බව පවසමින් බව වාර්තා වෙනවා.එහෙත් ඔහුට සමුගන්නවත් ටෙස්ට් තරගයක් නොලැබෙන බව දැණුන විට ඔහුගේ තීරණය හදිසි සමුගැනීම විය හැකියි.

ගැටළුවක් මතුපිටට නො‘එන සේ,ප්‍රශ්න සහ පිළිතුරු නැති සමුගන්නා බව ප්‍රකාශ කරන විනාඩි කිහිපයක මාධ්‍ය හමුවකින් පසුව ඉවතට යන අශ්වින් සමුගන්නා බව රෝහිත් ෂර්මාට මුල සිටම පැවසූ බව පවසා තිබෙනවා.ඒත් එය කළකිරීම සහ එම කළකිරීම නොසළකා හැරීම නිසා වූවක් බවට සැක හිතෙන්නේ අශ්වින්ගේ පියා සමුගැනීමට හේතුව “අශ්වින්ට වූ නින්දාවයැයි“ සැක කරන බව පැවසීමත් සමඟයි.
ඔහුගේ කැමැත්ත සහ ආශාවයි, මට එයට මැදිහත් විය නොහැක, නමුත් ඔහු එය දුන් ආකාරය, බොහෝ හේතු තිබිය හැකිය. ඒක දන්නේ අශ්වින් විතරයි, සමහරවිට නින්දාව වෙන්න පුළුවන්.”

අශ්වින්ගේ පියා ගේ ඒ අදහස අශ්වීන් ඔහුට නොකී බව කියන සමුගැනීම ගැන ඊට පෙර ඔහු කළකිරීමකින් සිටින බව පැවසෙනවා.ඔහුගේ බිරිඳ ප්‍රීති පවසන්නේ විශ්‍රාමයෙන් පසුව ඔහු සැළසුම් කළ යුතු ප්‍රීතිමත් ජීවිතය ගැන ඉඟි මෙන්ම,ක්‍රීඩා කරන විට වෙහෙසී තරගයෙන් තරගය සැළසුම් කිරීමට ඔහු වෙහෙසුණු ආකාරයයි.එහිද අදහස ප්‍රීතිය ඔහුට පිටියෙන් නික්ම පැමිණි පසු ලැබෙනු ඇති බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here