සහල් සැඟවූ වෙළෙන්දාට වැඩ වරදී!

0
22


ගිනිගත්හේන නගරයේ සහල් තොග වෙළෙන්දෙකු විසින් නාඩු සහල් තොග සගවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට නාඩු සහල් නොමැති බව පැවසාඇති අතර, පසුව ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් එක්ව වැටලිමක් සිදු කර සගවා තිබූ සහල් තොග පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

අද (20) දින, ගිනිගත්හේන ප්‍රදේශයේ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් ගිනිගත්හේන පොලිසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරු කිහිපයක් මත මෙම වෙළඳසැල හදිසි පරීක්ෂාවට ලක් කර තිබෙන අතර, එම පරීක්ෂාවේදී එම වෙළඳසැල තුළ කිලෝ 10 නාඩු සහල් බෑග් 21 ක්, කිලෝ 05 නාඩු සහල් බෑග් 30 ක් ඇතුළුව නාඩු සහල් කිලෝ 360 ක් සොයාගත් අතර, එම සහල් තොග නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් අතර,නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා පැවසුවේ, එම සහල් තොග සගවා තබා ගැනීම සම්බන්ධයෙන් එම වෙළඳසැලේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කළ බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here