ගංවතුර ගැටළුවට ලබන වසරේ ස්ථිරසාර විසදුමක් !

0
23


කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිරසාර විසඳුමක් ලබන වසරේදී සකස් කර අවසන් කළ යුතු බවයි තරුණ කටයුතු නියෝජ්‍ය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර සඳහන් කළේ.

කෙටි කාලීන විසඳුම් ඔස්සේ ගංවතුර පාලනය සඳහා පිළිතුරක් නොලැබෙන බවත්, ස්වභාවික ආපදා තත්ත්වයන් මානවයාට පාලනය කළ නොහැකි බැවින් ඒවාට මුහුණ දීම සඳහා වූ ස්ථිරසාර විසඳුම් සොයාගැනීමේ වගකීම ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නිලධාරීන් හා ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත්, ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මහජනතාවගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ තාවකාලික විසඳුමක් වශයෙන් ඇළවේලි, ගංඟා හා කාණු පද්ධති පිරිසිදු කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාව ඊයේ (19 ) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම කොළොන්නාව නගර සභාවේ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළොන්නාව හා කොටිකාවත්ත මුල්ලේරියාව පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන් සහභාගී වූහ.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා කෙටි කාලීන විසඳුම් ලෙස ගංඟා, ඇළවේලි හා කාණු පද්ධති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 19ක ප්‍රතිපාදනය වෙන්කර තිබුණි. ඒ අනුව අනු ව්‍යාපෘති දහ නමයක් ක්‍රියාත්මක වන අතර ඒයින් ව්‍යාපෘති 12 කටයුතු මේ වනවිට අවසන් කර ඇත. තවත් අනු ව්‍යාපෘති 7 ක කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. ව්‍යාපෘතිය නිම කළ යුතු කාලයද දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතය. එම කටයුතු දෙසැම්බර් 31 වන වනදාට පෙර අවසන් කළ හැකි බව එම නිලධාරීන් එහිදී සඳහන් කළහ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here