මහාරාෂ්ට කැරම් තරගාවලියේදී ලක් කතුන්ගෙන් දස්කම් – හිරුෂිට තෙවන තැන

0
20


මහාරාෂ්ට විවෘක කැරම් සූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් තිදෙනා වන හිරුෂි මල්ෂානි,තරුශි හිමන්සිකා සහ රොසිටා ජෝෂප් යන ක්‍රීඩිකාවන් තිදෙනාම අවසන් ක්‍රීඩිකාවන් අට දෙනා අතරට පිවිස අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කරන්නට සමත් වුණා.

එතැනින් ඉදිරියට යන්නට සමත් වුණේ හිරුෂි මල්ෂානි පමණයි.ඇය සමස්ත තරගාවලියේ තෙවන තැන දිනා ගැනීමට ද සමත් වුණා.ඇය විසින් ලෝක ශ්‍රේණීගතකිරීම් වල අංක 03 ක්‍රීඩීකාව මෙන්ම ගෙවුණු ලෝක සූරතාවලියේදී ලෝකඩ පදක්කමට හිමිකම් කී ඇමරිකාවේ ප්‍රීතී ජකෝටියා ,ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කල ආකන්ෂා කාදම් සහ අයිශා සජිද් පරාජයට පත්කිරීම කැපීපෙණුනා.ඒ අතරින් ඇය තෙවන තැන දිනා ගැනීම සඳහා පරාජයට පත් කළේ ආකන්ෂා කාදම් වන අතර පහත යූ ටියුබ් සබැඳියෙන් හිරුෂි සහ කාදම් අතර පැවති එම තීරණාත්මක තරගය නැරඹිය හැකියි.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here