ආර්ථීක අර්බුධය නිසා දරුවන්ගෙන් 55% ක අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙලා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

0
32


ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% ක ම අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙලා තිබෙන බව, පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

තවද, ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් ඇති බවත්, එම බලපෑමට ලක් වූ ළමුන් අතරින් 53.2% ක් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා තිබෙන බවද පැවසිය. මෙම ළැමුන් අතරින් 62.1% ක් පෙර භාවිත කළ පාසල් ද්‍රව්‍ය නැවත භාවිත කරන බවද පැවසූ අගමැතිවරිය, මෙලෙස අවදානමට ලක් වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීමට 2025 වසරේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිණිස පාසල් සඳහා දීමනාවක් දීමට රජය තීරණය කර තිබෙන බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% ක ම අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙලා තිබෙනවා.එයිනුත් ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් ඇතිවෙලා.බලපෑමට ලක් වූ ළමුන් අතරින් 53.2% ක් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා තිබෙනවා.62.1% ක් පෙර භාවිත කළ පාසල් ද්‍රව්‍ය නැවත භාවිත කරනවා.

මෙලෙස අවදානමට ලක් වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීමට 2025 වසරේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිණිස පාසල් සඳහා දීමනාවක් දීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව අස්වැසුම හිමි පවුල්වල වයස අවුරුදු පහත් දහසයත් අතර ළමුන් සඳහා එක් ළමයෙකුට රුපියල් හය දහසක (6000) දීමනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා.අස්වැසුම නොලබන ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමුන්ටත් මේ දීමනාව අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව දරුවන් විශේෂයෙන්ම පාසල තුළ රඳවා ගැනීම සඳහා ආණ්ඩුව වැඩ කරමින් යනවා.පසුගිය කාලය තුළ දිවා ආහාර වේල ලබා දීමේදී පැන නැගුණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.ඒ සඳහා මුදල් වෙන් කළාට මේ ආහාර වේල නිසි විදියට සියලුම දරුවන්ට ලැබුණාද කියන එක ප්‍රශ්නයක්.2025 වසර සඳහා සියලුම දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා චීන රජයෙන් අපිට සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ලබා දීලා තියෙනවා.ඒ පිළිබඳව අපි චීන රජයට ස්තූතිවන්ත වෙනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here