හොයන්න හොරකම් නැති නිසා අපේ අධ්‍යාපන සුදුසකම් ගැන හොයන්න පටන් අරන් – අගමැති විපක්ෂයට හීන් නූලෙන් දෙයි!

0
32


මීට ඉහතදී සෙවීමට සිදු වූයේ මැති ඇමතිවරුන්ගේ වංචා දුෂණ ගැන වන අතර අද තත්ත්වය වෙනස්වීම එක් අතකින් දියුණුවක් පෙන්වීමක් ලෙසද ගත හැකි බවයි අගමැතිවරිය සඳහන් කළේ.

“අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ,ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනෙක්ගේ කොලෆිකේෂන් ගැන හොයනවා, සෙටිෆිකේට්ස් ඉල්ලනවා. අරක ඉල්ලනනවා. මේක ඉල්ලනවා. පුදුම උනන්දුවක් දක්වනවා. අපි එක අතකින් සතුටු වෙනවා ඉස්සර මේ අමාත්‍යවරුන්, ආණ්ඩු අයගේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමේනේ හෙව්වේ. හොරකම් ගැන හෙව්වේ. අපේ හොරකම් ගැන හොයන්න බැහැනේ ඉතිං ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන මෙච්චර උනන්දුවක් දක්වන එක ගැන මේක ටිකක් දියුණුවක් කියලා ගන්නත් පුළුවන්.”යනුවෙන් අගමැතිවරිය පැවැසුවාය.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here