අනිද්දායින් (17) සිට විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම ආරම්භ වන බව සඳහන් වේ.
ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.
2025 වසරේ මුල් මාස 6 දී විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර, එම යෝජනාව, කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩලය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සකස් කළ ප්රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කෙරේ.
ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකි අතර, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා අදහස් යොමුකිරීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් දැනුම් දේ.
Sri News Media