ඉන්දියාවේ ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ පියවර

0
29


ඉන්දියාව 2036 ඔලිම්පික් උළෙල කරන්නට සූදානම් බව ප්‍රකාශ කර ඇත.අහමදාබාද් හී මෙම උළෙල පවත්වන්නට මේ වන විට ආණ්ඩුවේ ආශිර්වාදයද පළ කොට තිබේ.ඒ සමඟම ආසියාවේම ඉන්දුනීසියාව ඇතුළු බොහෝ රටවල් 2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් සූදානමින් සිටින බවද පැහැදිළිය.ඒ අතර ඉන්දියාව අන් රටවලට බලපෑමක් වන බැවින් වක්‍රාකාරයෙන් ඉන්දියාවට මෙවැනි හැකියාවක් නැති බව හා ඊට බලපාන සාධක උපක්‍රමශීලිව ජනගත කිීමේ වෑයම් ද ඇත.

මෙහිදී විශේෂිත අවධානයට ලක් කරන්නේ මේ වන විට චීනයද ඉක්මවා යමින් තිබෙන ජනගහනය සහ දුප්පත්කමය.ජනගහනය පාලනයට නිසි උපදේශනයක් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ඉන්දියාව හිතා නැත.ඒ නිසා ම වැඩිපුරම සිඳුවන්නේ දුප්පත්කමත් සමග අත්වැල් බැඳ සිටින නූගත්කම ද එකතු වී ඉතා ආර්ථික දුෂ්කරතා සහ අපහසුතා ඇති පවුල් මත ඇති බර තව තවත් වැඩි වීමය.එම නූගත්කම ඇති වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි වීමට රට යොදන බර අඩු නිසාය.

නරේන්ද්‍ර මෝඩි දැඩි හින්දු මතධාරියෙකු ලෙස සිය මහජන ප්‍රසාදය සඳහා ඉලක්කගත ආගමික ප්‍රජාව ඉදිරියේ සිත්ගන්නා සුළු හැසිරීමක් ප්‍රකට කරයි.ඒ අතරම නව ප්‍රවනතා සම්බන්ධයෙන් ද හෙමින් සීරුවේ ඉන්දියාව නැඹුරු කරයි.විශේෂයෙන්ම ලිංගික අනන්‍යතා මත වෙනස් කර සැළකීම වැනි කාරණාවලදී නෛතික වශයෙන්ම ලබා දී ඇති ඉඩ නිසා මානව හිමිකම් සහ සමානත්මතාවය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝකයේ අත්කර ගෙන තිබුණු තැන යහපත් අතට පරිවර්ථනය වෙමින් ඇත.විද්‍යාව සහ තාක්ෂණික අතින් ද,නව කර්මාන්ත කෙරෙහි ද අවධානය යොමු කරමින් රට පොහොසත් කිරීමේ ක්‍රියාවලිය භෞතික වශයෙන්ද,මානවීය ගුණාංගවලින්ද ඉදරියට ගෙන යාමට මෝඩි සූක්ෂමව කටයුතු කර ඇත.

ලෝකය ඉදිරියේ දෙවැනි නොවන රටක් ලෙස කැපී පෙනීම උදෙසා ඔහු රටේ මානව සම්පතේ ජවය උපරිමාකාරයෙන් භාවිතයට ගැනීමට විශාල ලෙස ආයෝජනය කරයි.ඒ අනුව ඉන්දීය ක්‍රීඩාව මෙන්ම ඉන්දියාව ඇතුළත විවිධ ක්‍රීඩාවන්ට අදාළව පැවත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සංවිධානයේ ද ඉන්දියාව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.ඒ හරහා ලෝක අවධානය ඉන්දීය නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම අපූර්ව සංස්කෘතික සහ කලා අංගයන්ට ද ප්‍රශංසාවන් ගලා එන පරිදි සකසා සැළසුම් කරන්නට ඉන්දියාවට හැකි වී ඇත.

මේ සියල්ල අතර ඉන්දීය විරුද්ධ දේශපාලනයට ද භාවිතාවට ගත හැකි පරිදි මේ වන විට අභ්‍යන්තරිකව ඔලිම්පික්වලට එරෙහිව කැරල්ලක් නංවන්නට සූදානමක් පවතින බව ඔලිම්පික් උළෙලක් පවත්වන්නට නුසුදුසු ලෙස මතු කරන කාරණාවලින් හෙළිදරව් වෙමින් ඇත.චීනයටත් වඩා වැඩි සේ දකින ඉන්දීය ජනගහනය මිලියන 1428 ක් වීම පිළිබඳව ඉන්දීය පොළව කතා කරන්නේ නැත.එහෙත් ඇත්ත තත්ත්වයනම් එය පාලනයකින් තොරව අසීමිතව වැඩෙමින් තිබෙන බවය.චීනය ඊට විසදුම් ලෙස ගෙන ආ ආකාරයට නොවුණත් ඉදිරි වසර කිහිපය තුළ,උපත් පාලනයේ වැදගත්කම අවබෝධ කර දෙමින් ඒ සදහා අලුත් පරම්පරාව පොළඹවන තත්ත්වයක් ඇති කළ හැකිනම්,සාමාන්‍යෙයන් යුරෝපය,ඇමෙරිකාව තුළ නොදකින %8 ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන ඉන්දියාවේ ජනතාවට පලදායි අනාගතයක් සකස් කරන්නට යම් වැඩි දායකත්වයක් ඇති කරනු හැකිය.

ජනගහනය වැඩි වීම ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ ජනතාව කරා යොමු නොවෙන බවට දැක ගත හැකි හොඳම තර්කය වන්නේ යුරෝපීය සංගමයේ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදන අගය ඩොලර් 39,000 ක් වුවත්,ඊට වඩා විශාල ආර්ථික වර්ධන වේගයක් පෙන්වන ඉන්දියාවේ දී එම තත්ත්වය ඩොලර් 7000 ක් වීමය.මෙයද සාමානුපාත්කව ජනතාව අතර ආදායම බෙදී හැමට සාමාන්‍ය විදිහට හෝ සතුටු විය හැකි ඉඩක් ඉන්දියාවේ නැති බව ද මෙහිදී සැළකිල්ලට ගත හැකිය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here