අපට ඡන්දය දීපු ජනතාව වේගයෙන් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ – මාලිමා මන්ත්‍රීනී ලක්මාලි

0
10


ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව වේගයෙන් සහන බලාපොරොත්තු නොවන බවත් ඔවුන් බලාපොරොත්තු වන්නේ තිරසාර විසඳුම් බවත් ජාජබ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“ජනතාව සහන බලාපොරොත්තු වෙනවා, ඒක අපි ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. නමුත් මම හිතන්නෙ විපක්ෂය, සමගි ජන බලවේගයේ මහත්වරු බලාපොරොත්තු වෙන වේගයෙන්ම ජනතාව සහන බලාපොරොත්තු වෙනවාද කියලා බැලුවොත් මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැනටත් ලංකාවේ ජනතාව, ඒ කියන්නෙ අපට ඡන්දය දීපු ජනතාව බලාපොරොත්තු වෙන්නෙ මං හිතන්නෙ අපි මොකක්හරි තිරසාර විසඳුමක්. මේ ප්‍රශ්න නැවත නැවත කතාවෙන ප්‍රශ්න නෙ. අපි දැන් මේ මොහොතේ කතා කරන හැම ප්‍රශ්නයක්ම හැම අවුරුද්දකම වගේ කතා කරන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් දෙන මොකක්හරි ක්‍රමවේදයකට රජය අවතීරණ වෙයි කියන එක තමයි ජනතාව මූලිකවම බලාපොරොත්තු වෙන්නෙ. රජයක් හැටියට අපි අරමුණු කරන්නෙත් – හදිසි උත්තර දෙන්න අමාරුයිනෙ සමහර ප්‍රශ්නවලට, ඒවාට ටිකක් කල් යනවා. අපි ඒක බොහොම පැහැදිලිව ජනතාවට – අර බොරුවට නිකම් වීරයෝ වගේ හැසිරෙන්නෙත් නෑ. අපි කරන්න පුළුවන් දේ බොහොම පැහැදිලිව කියනවා. මං හිතන්නෙ අපි ගොඩක් ප්‍රශ්න සම්බන්ධව තියෙන ප්‍රශ්නෙ මොකක්ද, ඒකට යන්න ඕනෙ විසඳුම මොකක්ද කියන එක සම්බන්ධව අදහසකින් කටයුතු කරනවා කියලා”

ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here