අර්චුනාට එරෙහිව තවත් පැමිණිල්ලක්!

0
28


යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලනාධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසීය පවසයි.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව පොලීසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බවද පවසයි.

මීට පෙර ද රාමනාදන් අර්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබුණු බව වාර්තා විය.

එම අවස්ථාවේද පොලීසිය කටයුතු කළේ, අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි.

මන්නාරම රෝහල තුළ ගර්භණී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයට අදාළ අවස්ථාවේ අර්චුනා මහතා මන්නාරම රෝහල වෙත ඇතුළු වී බාධා කළ බවට වැඩිදුරටත් වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here