ශ්‍රී ලංකාවෙන් විශ්වසනීය පිළිතුරක් – පැතුම්ට හිමිවිය යුතුවම තිබූ ශතකයක් අහිමි වෙයි

0
22


දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 358 ට දැවී යනවා.ලකුණු 267 දී කඩුලු 7 ක් අහිමිව සිටි දකුණු අප්‍රිකාව වෙනුවෙන් අංක 7 පිතිකරු ලෙස කයිල් වෙරයිනි පසුපෙළ ශක්තිමත් කිරීමේ උපදේශනය සමඟ වටිනා ශතකයකට හිමිකම් කියමින් නොදැවී ලකුණු 105 ක් රැස් කරන්නට සමත් වුණා.ස්වීය ශතකය වෙනුවෙන් අවසාන පිතිකරුවන්ව සඟවා ගනිමින් වේගවත් වූ කයිල් තමන්ගේ අන්තිම ලකුණු 50 සඳහා පන්දු 37 ක් පමණ වැය කළ අතර ශතකය වාර්තා කළ හයේ පහරත් සමඟ හයේ පහර තුනකුත්.හතරේ පහර දොළහකුත් සිය ශතකයට එක් කර ගෙන තිබුණා.ඒ අනුව ලකුණු 91 ක් අවසාන කඩුලු 3 දැවී යන්නට පෙර කණ්ඩායමට එක් කරන්නට දකුණු අප්‍රිකා පිතිකරුවන් සමත් වුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පලදායිම පන්දු යවන්නා වූ ලහිරු කුමාර ලකුණු 79 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වූ අතර,අසිත ප්‍රනාන්දු ලකුණු 102 ට කඩුලු 3 ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 65 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.

මීට පිළිතුරු ලබා දෙන්නට පැමිණි සියලුම පිතිකරුවන් පළමු තරගයට වඩා යම් විශ්වසනීය බවකින් පන්දුවට පහර දුන් අතර ඒ අතරින් පැතුම් නිශ්ශංක රැස් කළ යම්කිසි තැන්පත් බවක් රැඳුණු ලකුණු 89 කැපී පෙණුනා.ඔහු දිමුත් කුරුණාරත්න (20 ) සමඟ පළමු කඩුල්ලට ලකුණු 41 ක් ද,දිනේෂ් චන්දිමාල් (44) සමඟ දෙවන කඩුල්ලට ලකුණු 109 ක් ද එකතු කළ අතර තෙවන කඩුල්ලට මේ වන විටත් නොදැවී ලකුණු 40 ක් ලබා ගෙන කඩුල්ලේ සිටින ඇන්ජලෝ මැතිව්ස් සමඟ ලකුණු 44 ක සබඳතාවයක් ද එක් කර මුළු ලකුණු සංඛ්‍යාව 199 ක් ව තිබියදී හිමි විය යුතුවම තිබූ ශතකයක් අහිමි කර ගනිමින් ලකුණු 89 ට දැවී ගියා.
මේ දක්වා තරගයේ ලකුණු සටහනට → https://es.pn/4fZABBh

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here