අගමැතිතුමිය කීල්ස් ගිහින් බඩු ගත්තාට අහිංසක කම්කරුවන්ට හාල් පොල් ගන්න සතොස පෝලිමේ ඉන්න බෑ – චාමර සැරටම අමතයි !

0
22


අවුරුදු 70ක් තිස්සේ පැවති ආණ්ඩු මුලා කළ රාජ්‍ය නිලධාරීන් ජාතික ජන බලවේගයේ අලුත් ආණ්ඩුවත් මුලා කරන්නට පටන් ගෙන ඇති බවත් මේ අතුරු සම්මත ගිණුමෙන් එය මනාව පෙන්නුම් කෙරෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියනවා, අපට බනින්න එපා අපට දොස් කියන්න එපා අපේ අඩුපාඩු කියන්න එපා මේ අතුරු සම්මත ගිණුම ගෙනාපු වෙලාවෙ. ඊයෙ කබීර් හෂීම් මන්ත්‍රීතුමා කිව්වෙ මොකක්ද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙ කාලෙ තිබ්බ වැය ශිර්ෂයම මාස හතරකට කපලා ඕගොල්ලො ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේක ආණ්ඩුවෙ වැරැද්දක් නෙවෙයි, මේ වැරැද්ද වෙලා තියෙන්නෙ අවුරුද්ද කැඩුවා මාස හතරකට ජනාධිපති කාර්යාලයෙන්, කිසිම සංශෝධනයක් නැතිව. නිලධාරීන් තමයි ඕගොල්ලොන්ව මුලා කරන්නෙ. අවුරුදු 70ක් අපිව මුලා කරපු නිලධාරීන්ම තමයි ඕගොල්ලොත් මුලා කරලා තියෙන්නෙ. මේක අවුරුද්ද කැඩුවා මාස හතරට, එව්වා මුදල් අමාත්‍යාංශෙට. අයවැය අධ්‍යක්ෂක ජනරාල් අහලා තියෙනවා ලියුමකින් ජනාධිපති කාර්යාලයෙන් වැය ශීර්ෂය මේක සංශෝධනය කරනවාද කියලා. සංශෝධනය කරන්නැතිව ජනාධිපති කාර්යාලයෙන් ඒ විදියටම එවලා තියෙනවා දහයක් එකතු කරලා. මේක අපි ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපතිවරු ඒ කාලෙ කරන්නෙ මොකක්ද, 10%ක් එකතු කරලා එවනවා. මම පළාත් සභාවේ මහඇමති, මුදල් ඇමති, ගණන් දීමේ නිලධාරීයෙක්. 10%ක් එකතු කරලා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න කියනවා. ඕක තමා අවුරුදු 70ක් නිලධාරීන් කළේ. ඇමතිතුමා ඕවා ඉගෙන ගන්න අපෙන්. ඕගොල්ලොන්ගෙ කනෙන් රිංගලා තියෙන්නෙ නිලධාරීන්.

ඔය මහාචාර්ය, ආචාර්ය පට්ටම් තියෙන්න පුළුවන්, අපි ඒවාට තරහා නෑ. අපෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා. අපිට අවුරුදු 23යි ප්‍රාදේශීය සභාවට එනකොට. අපි ප්‍රාදේශීය සභාවල ඉඳන් මේ අවුරුදු 55 වෙනකල් අවුරුදු 32ක් එක වතාවක්වත් පැරදෙන්නෙ නැතිව දේශපාලනය කරන මිනිස්සු. අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් පටන්ගෙන පළාත් සභා මහ ඇමති වෙච්චි මිනිස්සු. එනිසා අපි දන්නවා මොනවද මේ වෙලා තියෙන්නෙ කියලා. අද එළියෙ යන්න කතාව ජනාධිපති අනුර කුමාරගෙයි ජනාධිපති රනිල්ගෙයි වැය ශීර්ෂය සමානයි කියලා. ආණ්ඩු වට්ටන්නෙත් නිලධාරීන්.

වෙළඳ ඇමතිතුමා ගියා මෙතනින්, ඇමතිතුමා ඔබතුමාට පොල් ලක්ෂ 10ක් දෙන්න බෑ. NLDB එකේ රජයේ වතුවල පොල් නෑ. අගමැතිතුමිය ගිහිල්ලා කීල්ස් එකේ බඩු ගත්තාට, අගමැතිතුමියට ගිහිල්ලා කීල්ස් එකේ බඩු ගන්න පුළුවන්, අහිංසක පෞද්ගලික ආයතනවල වැඩකරන මිනිස්සුන්ට ගිහිල්ලා හාල් කිලෝ පහ පෝලිමේ ගන්න බෑ. කම්කරු රස්සාව කරන මනුස්සයා යන්නෙ හාල් කිලෝ එක ගත්තා, පොල් ගෙඩිය ගත්තා එවෙලෙ උයාගෙන එවෙලෙ කන්න. මේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේගොල්ලොන්ටත් පෝලිමේ ගන්න බෑ හාල් කිලෝ පහ. මේගොල්ලො පහාමාර වෙනකොට ගෙවල්වලට දුවන්නෙ. ඔය සතොසවල්වල පෝලිමේ ඉඳියි රස්තියාදු ගහන මිනිස්සු. ඔය හාල් කිලෝ පහ ගන්න ඔතන ඉන්න බෑ 220 ට. පොල් ගෙඩිය 130 ට ගන්න ඉන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. පොළවේ යතාර්ථය තේරුම් අරන් වැඩ කරන්න. අපට දොස් කියන්න එපා. අපි කැමති නෑ ඕගොල්ලොන්ගෙ ආණ්ඩුව වැටෙනවාට. ඕගොල්ලොන්ගෙ ආණ්ඩුව තවත් කාලයක් තියෙන්න ඕනෙ. අගමැතිනියට වැඩ නැති හින්දා කීල්ස් එකට යන්න ඇති. කීල්ස් එකේ ගිහින් බඩු ගන්න පුළුවන් අගමැතිතුමියට වැඩ නැති හින්දා. හැබැයි පැය 12 වැඩකරන අහිංසක මිනිස්සුන්ට ගිහිල්ලා සතොසෙ පෝලිමේ ඉඳලා හාල් කිලෝ පහයි පොල්ගෙඩි තුනයි ගන්න බෑ”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here