තවත් නඩුවකට අධිකරණ නියෝගයක්!

0
24


2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් බිලියන 18 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති , අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ  විත්තිකරුවන්ගේ නීතීඥවරුන් කියා සිටියේ  මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ඒ අනුව එය පවත්වාගෙන යාමට නොහැකි බවත් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි බව සඳහන් වේ.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාල විරෝධතා ජනවාරි මස 23 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here