ජනවරමට පිටුපාන්න එපා. IMF ගිවිසුම වෙනස් කරන්න අපේ සහයෝගයත් අපි දෙන්නම් – විපක්ෂ නායක

0
27


එබැවින් මේ ගිවිසුම් වෙනස් කළ යුතු බවත් දෙසැම්බර් 12 වැනිදාට පෙර රජයේ යෝජනාවක් පරිදි පාර්ලිමේන්තුව කැඳවා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කරන වෙලාවේ සහාය දීමට විපක්ෂය සූදානම් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඝානා රට මෙන් අප රට ද කටයුතු කළ යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එයට උදව් කිරීමට සූදානම් බවත් පවතින ගිවිසුම හරහා ගියොත් විෂම ණය චක්‍රයක කොටස්කරුවන් වී දශක ගණනාවක් පුරා ණය බරින් මිරිකුණු රටක් වන නිසා 12 වැනිදා ට පෙර ඇති කර ගන්නා එකගතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හෙතෙම කියාසිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ දී රජයේ IMF ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරමිනි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසර කරණ විශ්ලේෂණයක් හරහා මාලිමා රජය IMF එකත් සමඟ ඇති කර ගත් අවබෝධතා ඉදිරියට ක්‍රියාත්මක කරන බව පැවසුවද පසුගිය දින ඇති කර ගත් එකගතා මේ නව ක්‍රමය හරහා ද නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයේ ක්‍රමයට ද කියා ප්‍රශ්න කරන බව ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ ගමන පවතින IMF ගිවිසුම් එකගතාව මත ඉදිරියට යන්නේ නම් කඩා වැටෙන බවයු ඔහු පැවසුවේ.

IMF 2023 මාර්තු නිකුත් කළ වාර්තාවට අනුව නැවත ණය ගෙවීම ආරම්භ කිරීම 2033 ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියත් මේ නව ගිවිසුම හරහා ණය ගෙවීමේ ක්‍රියාවලිය 2028 ආරම්භ වන බවත් තවත් වසර 4කින් ණය නැවත ගෙවීමේ ක්‍රියාවලියට ශක්තිමත් ආර්ථිකයක් ගෙවීමට කිසිදු රජයකට නොහැකි බවත් මේ ගිවිසුම හරහා රට අනතුරකට ලක් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම වත්මන් රජය සහ ජනාධිපතිවරයා යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here