ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අලුත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ , රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
මෙහිදී, එම විශ්වවිද්‍යාලයේ දක්ෂතා සහිත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයයි සිදු කෙරුණු බව පැවසේ.
චීන තානාපති කාර්යාලය මේ සඳහා වැය කළ මුදල රුපියල් තිස් හතර ලක්ෂයකි.
Sri News Media