ලොක ප්‍රකට insidethegames ලංකාවේ ඔලිම්පික් කමිටුව තහනමේ ආසන්නයේ බව කියයි

0
5


මූල්‍ය විෂමාචාර සම්බන්ධයෙන් ආචාර ධර්ම කමිටුවේ විමර්ශන වාර්තාවේ ප්‍රතිඵලයක් ලෙස IOC සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් අනුමත කරන ලද බව කියන ඉල්ලා අසිවීමට මේ දක්වා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා එකඟ නොවීම මත ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තහනමට ලක්වීමේ අවදානමක පවතින බව ක්‍රීඩා සම්බන්ධ ලෝක ප්‍රකට වෙබ් අඩවියක් වන insidethegames පවසා සිටිනවා.දෙසැම්බර් 02 වන දා Sri Lanka’s Olympic Committee in danger of IOC ban යනුවෙන් එම කරුණු Gretelle Jimenez විසින් වාර්තා කර තිබෙනවා.

කාලයක සිට දේශිය මාධ්‍ය වාර්තා මඟින්ද මේ බව පෙන්වා දි ඇතත්,මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එවැනි තිහනමක් සඳහා ගියහොත්,මෙරට ඔලිම්පික් කමිටුවක් නොමැති වන අතර එය යම් දේශපාලන බලපෑමක් මත රටක ඔලිම්පික් කමිටුවත් තහනම් කිරීමටත් වඩා භයානක තත්ත්වයක් ඇති කරනු ඇත.ඔල්මිපික් කමිටුවට සම්බන්ධ නිලධෘරීන්ගේ විෂමාචාර හේතුවෙන් තහනමට ලක් වුව හොත්,රටේ ක්‍රීඩාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට වග කියන බැදීම බිදී යාමට හැකියාව ඇත.ඒ නිසා මේ තත්ත්වය ගැන ක්‍රීඩා අමාත්‍යංශය ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට බාධා නොකළත්,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා සාකච්ඡා කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන් ආචාර ධාර්මික වාර්තාව සකස් කළ පිරිසගෙන් ඊට පදනම් වූ හේතු විමසා බැලීම මෙන්ම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මේ මොහොතේ ඇති ප්‍රායෝගික අර්බූදය එම නිර්දේශවලට අනුව චෝදනාවලට ලක්වන ලේකම්වරයා අඩුම තරමේ පරීක්ෂණ සඳහා සාධාරණයක් කිරීමට තාවකාලිකව හෝ තනතුරෙන් ඉවත් නොවීමනම් ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි කටයුතු කරගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ කතා කළ යුතුයි.

Insidethegames ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සුවිශාල මැදිහත්වීමක් මෙන්ම වංචා දූෂණ හෙළිදරුව් කරමින්,විශාල කීර්තියක් අත්පත් කරගෙන සඟරාවක් වන අතර එය ලෝක ක්‍රීඩා කේෂ්ත්‍රෙය් බොහෝ දෙනා භාවිතා කරන වෙබ් අඩවියක් වෙනවා.එවැනි වෙබ් අඩවියක් ද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ලේකම්වරයා තනතුරෙන් ඉවත් නොවීම පාදක කරගෙන,ජාත්‍යන්තර වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවට පැනවීමට යන වාරණය ගැන මේ රටේ ක්‍රීඩා අමාත්‍යංශය තවමත් මුනිවත රකින්නේ ඇයි ද යන්න බලවත් කුකුසක් සහ සැකයක් මතු කරනවා.එසේම ඇති වෙමින් සහ උඩු දුවමින් පවතින යථාර්තය අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අමාත්‍යවරුන්ට හරියට අවබෝධ කර නොදීම නිසා මේ නිහැඬියාව මතු වී ඇද්ද යන ගැටළුවත් මෙහිදී මතු වෙනවා.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here