විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළේය.
ගයන්ත කරුණාතිලක මහතා මීට පෙර 2015 – 19 සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් කැබිනට් ප්‍රකාශකවරයකු ලෙසත් කටයුතු කර ඇත.
Sri News Media