නෙදර්ලන්තය රත්තරන් කරන ඉතියෝපියාවේ කළු දියමන්තිය සිෆාන්

0
15


මේ වර්ෂයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් තෝරා පත් කර ගත් දක්ෂතම මලල ක්‍රීඩිකාව වූයේ සිෆාන් හසන් ය.පැරිස් ඔලිම්පික් උළෙලේ දී මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනූ සිෆාන්,දැනට වසර 11ට ආසන්න කාලයක් නෙදර්ලන්තය නියෝජනය කරන්නීය.

සිෆාන් 31 හැවිරිදි වියේ පසුවන්නීය.31 හැවිරිදි ඇය ඉතියෝපියාවේ ඉපදුණ අතර නෙදර්ලන්තයට සංක්‍රමණය වන විට ඇයට අවුරුදු 15 කි.ඒ 2008 වසරේදි ය.ඇය ධාවනයේ දස්කම් පෑවද නෙදර්ලන්තය නියෝජනය කරන්නට ඇවැසි පුරවැසිකම ඇයට හිමිවන්නේ 2013 වසරේදී ය.
එතැන් පටන් තැඹිලි වර්ණයෙන් බැබලෙන නෙදර්ලන්ත ක්‍රීඩා ඇඳුම සමඟ එරට ධජය ලෝකයේ සතර අත ඇයගේ හපන්කම්වලින් එසැවිණ.නෙදර්ලන්තය ලෝකයේ පෙරළිකාරි රටක් ලෙස දුර ධාවන පථය ආක්‍රමණය කරන්නට පටන් ගන්නේ සිෆාන්ගේ දෙපයේ වේගයෙන්ය,සිරුරේ දරා ගැනීසට ඇති අපූරු හැකියාවෙන්ය.

සිෆාන් පැරිස් ඔලිම්පික් උළෙලේ දී වඩාත් අවධානයට ලක්වන්නේ මැරතන් රන් පදක්කම නිසාම පමණක් නොවේය.එය ඔලිම්පික් වාර්තාවක් වීම සැබෑ මුත් ඇයගේ රන් අස්වැන්න පැරීසියට වඩා ටෝකියෝ හී දී පලබර විය.ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සිෆාන් මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා මීටර් 5000 සහ 10000 යන ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනුවාය.

එහෙත් සිෆාන් ඉතිහාසයේ පළමු වරට මැරතන් තරගයක රන් පදක්කම දිනා මීටර් 5000 සහ 10000 ඉසව් ද්විත්වයටත් ලෝකඩ පදක්කම් දිනා ගැනීමෙන් ඉතිහාසයට එකතු වන්නේ,ඔලිම්පික් උළෙලකදි එම ඉසව් තුනම පදක්කම් ජයග්‍රහණවලින් නිමා කර ලොව පළමු සහ එකම කාන්තාව ලෙසය.ඇය නෙදර්ලන්ත පුරවැසිකම ලබා මේ නොවැම්බරයට වසර එකොළහකි.ඇය නෙදර්ලන්ත වැසියෙකු වීමට මෙන්ම,නෙදර්ලන්තය ඇය නෙදර්ලන්ත ජාතිකයෙක් ලෙස තීරණය කරන්නට එකඟ වී වසර එකොළහක් ගෙවෙන තැන නෙදර්ලන්ත ධජය යටතේ ලොව හොඳම මලල ක්‍රීඩිකාව ලෙස ඇගයුම් ලබන්නීය.

මේ මොහොත වන විට ලෝකය තිබෙන්නේ එකම ගෝලීය සංස්කෘතික ඉඩකය.මිනිසුන්ගේ වෙනස්කම්වලට සළකන දියුණු සහ විද්‍යාත්මක භාවිතාවන් ඇතුළත සමානත්මතාවයෙන් සියල්ල පිළිගන්නා මට්ටමට පෝෂණය වූ ලෝකයක දක්ෂයාව සඟවන්නට අසීරුය.උත්සාහය,කැපවීම සහිත දක්ෂකමක් නම් ඔහුට හෝ ඇයට ලෝකය කුඩා කර ගත හැකිය.ජීවිතය අලුතෙන් පටන් ගන්නට තැන් එමටය.විශේෂයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මේ වන විට සැකසෙමින් තිබෙන සරණාගත ක්‍රීඩා කණ්ඩායම් කාලයක් සමඟ වඩාත් දියුණු රටවල පහසුකම් සහිතව එම රටවල පුරවැසියන් සේ ස්ථාපිත වන්නේය.සිෆාන් සහ නෙදර්ලන්තය ඊට උදාහරණ සපයන්නේය.

මෙවර ලොව දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සිෆාන් ඇගයීමට පත්වෙද්දි මීටර් 200 ඔලිම්පික් පදක්කම දිනූ ලෙස්ට්ලේ ටෙබැගෝ දක්ෂතම ක්‍රීඩකයා විය.මේ වසරේ දි පමණක් මීටර් 200 ඉසව්ව තත්පර 20 අඩුවෙන් නව වතාවක්ම දිව ගිය ලෙස්ට්ලේ, බොට්ස්වානා වෙනුවෙන් ඕනෑම ක්‍රීඩාවක පළමු ඔලිම්පික් රන් පදක්කමට හිමිකම් කී පුද්ගලයා ලෙස මීටර 200 ඉසව්ව ජයගත් විට පැරිසියේදී ඉතිහාසගත විය.
මේ දෙදෙනාට අමතරව වෙනම ධාවන පථයේ,පිටිය ඉසව්වවල සහ ක්‍රිඩා පිටියෙන් පිටත ධාවන තරග දක්ෂතා ද ඇගයීමට ලක් විය.පහත දැක්වෙන්නේ එම කේෂ්ත්‍ර ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here