පරිපාලනයේ නොසැළකිල්ලෙන් වූ වීසා අර්බුඳයකට මැරතන් ක්‍රීඩකයෝ ගොදුරු වෙති

0
20


ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායම්වලට පසුගිය කාලය පුරා අවස්ථා කිහිපයකදීම වීසා ගැටළු නිසා තරග කිරීමේ අවස්ථා අහිමි විය.සමහර අවස්ථාවලදී තරගාවලිවලදී කොටසකට පමණක් තරග කිරීමේ අවස්ථා හිමි විය.මෙවැනි අවස්ථාවන් කළමණාකරණයට රජයේ තානාපති අංශ මැදිහත් කර නොගැනීම හෝ එසේ කිරීම පමා කිරීම එවැනි අවස්ථාවන් උදාවීමට බෙහෙවින් බල පෑ බව අතීත සිඳුවීම් නිරීක්ෂණය කිරීමේදි පැහැදිළිය.

අලුත්ම තත්ත්වය වාර්තා වන්නේ Galaxy entertainment Maccau International Marathon සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් on arrival visa ලබා නොදී නැවත ලංකාවට එවීමත් සමඟයි.මේ තත්ත්වයන් එක දිගට ඇති වීම සහ එකම ආකාරයට ක්‍රියාත්මකවීම් අතර තිබෙන්නේ මේ මොහොතට අවශ්‍යය වන පරිදි යාන්ත්‍රණයේ වෙනස්වීමක් සිඳු නොවීමය.මේ ආකාරයටම ජාතික ඔලිම්පික් කමිටුව සහ මලල ක්‍රීඩා සංගමය ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඒවා නිවැරදි කර ගැනීමට දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රිකව කළ මැදිහත්වීම් නිසා ඒවා යම් ආකාරයකට විසඳුණු අවස්ථාද අපි දුටුවෙමු.ඒත් වරදින තෙක්ම ඒවා මුල් ක්‍රියාමාර්ග ලෙස නොගැනීම නිසා ඇති වූ තත්ත්වයෙන් සම්පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස හෝ ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ඇති වූ බාධාවන් අපි අත් වින්දෙමු.

මේ සියලු ක්‍රීඩා පරිපාලන ඒකක ආණ්ඩුවේ ඇඟිළි ගැසීම් නොමැතිව ස්වාධීනය පැවතිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.එහෙත් ඒවායේ අසමත්භාවය,අකාර්යක්ෂමතාවය මෙන්ම නොසැළිකිලිමත්කම සහ වංචනික තත්ත්වයන් නිසා ක්‍රීඩාවට වන හානියේදී එයින් ක්‍රීඩාවේ නිරත රටේ පුරවැසියන්ට සිඳුවන හානිය නොසළකා සිටින්නට නොහැකිය.මෙහිදී ද on arrival visa යන්න මත පදනම්ව ක්‍රියා නොකර අවශ්‍යය තානාපති සබඳතා හරහා ඒවා පරික්ෂා කර,රාජ්‍යතාන්ත්‍රිකව ඒවා නිරාකරණය කර ගැනීමට හැකි විණිනම් ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට ඒමට සිඳු නොවන බව අපේ විශ්වාසය වන්නේය.

මැකාවු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම හසුරුවන්නේ චීන මධ්‍යම රජය වන බැවින් ශ්‍රී ලංකාව මැකාවු සමඟ සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වයි, එනම් ශ්‍රී ලංකාව සමඟ ඕනෑම අන්තර්ක්‍රියාවක් චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා විය හැකිය. අත්‍යවශ්‍යයෙන්ම, මැකාවු සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා චීනය සමඟ ඇති සබඳතාවේ කොටසක් ලෙස සැලකේ.එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරන රටක් වන චීනය සමඟ on arrival visa ලෙස ශ්‍රී ලංකාවට එම මැරතන් තරගයට පැමිණ තිබෙන ආරාධනාව සාකච්ඡා කරන්නට තිබිණ.

ඊට කල් මදි බව කියන්නට නොහැකිය.මේ බව දැනගෙන මසකටත් වැඩිය.අප ඒ සම්බන්ධයෙන් සටහන් කළේ ඔක්තෝම්බර් 31 වන දා ය.එය මෙතැනින් කියවිය හැකිය.→

https://sinhala.lankanewsweb.net/10/31/139049/
ඒ නිසා එක දිගට වැරදීම එකම ආකාරයෙන් වැරදීම සිඳුවිය හැක්කේ තමන් සම්බන්ධයෙන් වන අධි තක්සේරුව,නොසැළකිල්ල,උද්ධච්ඡකම හෝ මෝඩකම වැනි කාරණා මත පමණය.අප ඉහත කී ආකාරයටම චීනයෙන්ම තීරණ ගන්නා රටක් ලෙස ගත හැකි හොංකොං රාජ්‍යයේ පැවති ක්‍රීකට් තරගාවලියකට සහභාගි වී ශ්‍රී ලංකාව ජයගන්නේ මෑතකදීය.ඒ නිසාම මේ on arrival visa කතාවේම නොසිට මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සබඳතාවයක් සකසා ගන්නට ජාතික ඔලිම්පික් කමිටුවට තිබිණ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here