තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණ දෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති

0
2


උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න

මුහුදු ගොස් සිටින ධීවර ජනතාව සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන්න

– ජනාධිපතිගෙන් ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස්

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here