ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (නොවැම්බර් 26) පස්වරුවේ පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෝටර් රථයෙහි සිට නැත.
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වැඩමුළුවට මන්ත්‍රීවරයා සහභාගී වී ඇති අතර ඔහුව රැගෙන යාම සඳහා රියදුරා මෝටර් රථයෙන් පාර්ලිමේන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මෝටර් රථය ජල පොකුණට වැටී මැදටම පෙරළී ගොස් ඇතැයි වාර්තා වන අතර පාර්ලිමේන්තු සේවකයින් විසින් රියදුරාව ආරක්ෂිතව ගොඩට ගෙන ඇති බව සඳහන්.
Sri News Media