ක්‍රීඩකයන්ට හරියට පාවහන් නැති රටක ජනතා බදු මුදලෙන් වී8 පදින එක වැරදියි – ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමති නියෝජ්‍ය ඇමතිවරු දිව්රුම් දීමේ උළෙලේදි කියයි

0
2


“මා විසින් උපයාගත් දෙයකින් වී එයිග්ට් එකක යන්න මං ආසයි.ඒත් අමාත්‍යංශයෙ එහෙම වාහනයක් පාවිච්චි කරන්න කැමත්තක් නැහැ.ක්‍රීඩා කරන අයට හරියට සපත්තු දෙකක් නැතුව ඉද්දි මහජනතාවගෙ බදු මුදලින් එහෙම වාහනයක් පාවිච්චි කරන එක හරි නැහැ.රට දියුණු වෙලා ක්‍රීඩාවෙ පහසුකම් ඉතාම දියුණු මට්ටමකට පත්වෙච්චි දවසක එහෙම හිතන්න පුළුවන්.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශයෙ මට දැන් තියෙන ප්‍රශ්නය පාවිච්චි කරන්න සුදුසු වාහනයක් හොයා ගන්න එක“

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සිය ධූරයන්හී වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමින්,ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ආයතනවල නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් එසේ පැවසීය.
වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වූ සුගත් තිලකරත්න පෙන්වා දුන්නේ කිසිඳු ආකාරයක ගැටීමක් ඇති නොවන ආකාරයට සියලු ක්‍රීඩා සංගම් සමඟ සුහඳව වැඩ කිරිම අපේක්ෂාව බවය.ක්‍රීඩාව, ක්‍රීඩා කිරීම පමණක් නොවන බවත් එය රටේ ආර්ථික සහ සමාජීය දේශපාලන කාරණා සමඟ සම්බන්ධ වන අනෙකුත් කේෂ්ත්‍රයන්හී ද දියුණුවක් අපේක්ෂාවෙන් නව රජයේ වැඩ පිළිවෙල වන පොහොසත් රටක් මෙන්ම සාර්ථක ජිවිතයක් පුරවැසියාට ලබා දීමේ සමස්ත වැඩ පිළිවෙලටම බද්ධ වූ එකක් බවත් පෙන්වා දුන්නේය.
ගැටම්කාරි තත්ත්වයන්වලට යාම,ගැටළුකාරි තත්ත්වයන්ට යාම වළකා හිතවත්ව,නිවැරදිව මෙන්ම නීත්‍යානුකූලව වැඩ කරන කරන තැනක් බවට ක්‍රීඩා අමාත්‍යංශය පත් වෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එරංග ගුණසේකර පැවසුවේ ක්‍රීඩකයන්ට සහ තරුණයන්ට ක්‍රීඩා සහ යෞවන අමාත්‍යංශය තමන්ගේ මහගෙදර බවට දැනෙන හැඟීමක් ස්ථාපිත කිරීමට සියලු දෙනාම එක් වී කටයුතු කළ යුතු බවය.ආණ්ඩුවේ දැක්ම සමඟ ක්‍රීඩාවේ සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ඉදිරි සැළසුම් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අමාත්‍යවරයා පමණක් නොව විශාල ශක්තිමත් සමූහයක් විසින් නිවැරදි දිශාවට රැඟෙන යාමට කටයුතු කරන පැහැදිළි කළ යෞවන කටයුතු අමාත්‍යවරයා ඒ සංවිධාන ශක්තියට සියලු දෙනාටම එක්වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරන්නටද කටයුතු කළේය.
ඡායාරූප – අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here