විදුලි ගාස්තු ගැන තීරණාත්මක තීන්දුවකට?

0
6


අද (21) එම සාකච්ජාව පැවැත්වීමට නියමිත අතර විදුලි ගාස්තු සංශෝධනය ඇතුළු ආයතන ක්‍රියාපටිපාටිය ගැන එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

IMF වැඩසටහන යටතේ සුවිශේෂී අවධානයක් බලශක්ති ක්ෂේට්‍ර්හය දෙසට යොමුව තිබෙන අතර විශේෂයෙන් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සැකසීමට අද දින සකචජවේදී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද නියමිතයි.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් භාරදෙනු ලැබූ අතර එහිදි විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 6.6%කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබුණේ.

ඒ අනුව නව යෝජනාවලියක් සකස් කර යළි කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.

එම නව යෝජනාවලියට අවශ්‍ය උපදෙස් අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී ගනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here