රනිල්ට තවත් ලෙඩක් වැටෙයි. ජනාධිපතිවරණ සමයේ නිකුත් කළ මත්පැන් බලපත්‍ර ගැනත් නඩුවක් !

0
3


පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුරාබදු පනතට පටහැණි ලෙස මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවකට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයක නිරත චාමර සම්පත් අබේසේකර සහ එන්. රවිචන්ද්‍රන් යන අය විසිනි.

හිටපු මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 39 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජූලි මස 26 වනදා සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සැප්තැම්බර් මස 21 වනදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් විසින් සුරා බදු පනතේ විධිවිධානයන්ට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බවටත් ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ යටි දේශපාලනය අරමුණකින් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, ඒවා නිකුත්කිරීමේදී සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් නිකුත් කර ඇති බවටත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නීති විරෝධී ක්‍රියාවන් හෝ අක්‍රමිකතාවයන් සිදු වී තිබේදැයි විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here