වැඩ භාර ගැනීම සහ වැඩ කිරීම

0
3


ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද සිය අමාත්‍ය ූධරයේ වැඩ භාර ගත්තේය.බැලූ බැල්මට සෙල්ලම් කරන ළමයින්ගේ ඇමති වුව ද,ක්‍රීඩාව යනු සෙල්ලමක් නොවේය.එය ඉතාමත් විද්‍යාත්මක පදනමක් සහිත විෂය පථයක්ය.නාඩි වැටෙන තැන සිටම විද්‍යානුකූල හැසිරීම් රටාවකින් යුත් පරික්ෂණ,නිරීක්ෂන සමඟ පුහුණු වෙන,නිගමනවලට එන ක්‍රීඩාව අමාත්‍ය පුටුවේ අසුන් ගන්නා තුරු පිටතින් අහපු – දැකපු ක්‍රීඩාව නොවන බව අලුත් අමාත්‍යවරයාට වැටහෙනු ඇත.

පහුගිය කාලයේ හුඟක් ඇමතිවරු ආවේම ක්‍රිකට් මට්ටු කරන්න කෝටුවක් ගෙදරදීම කපා ගෙනය.අප දකින්නේ ලංකාවේ ක්‍රීඩාවට ඇති අර්බූදය ක්‍රිකට්වලට තරම් අනිත් ක්‍රීඩාවන්ට සම්පත් හිඟකමය.සමහර ක්‍රීඩාවන් සංචාර යන්නේ ද,ක්‍රිකට්වලින් ඉල්ලා ගෙනය.සමහර ක්‍රිකට් නොවන ජයග්‍රහණවලදී ද ත්‍යාග ලැබෙන්නේ ක්‍රිකට් ආයතනයෙන්ය.ඒ නිසා ක්‍රිකට් සර්ව සාධාරණ බව නොකීව ද,අපේ ජන මානසිකත්වයට අනුව හොඳින් ඉන්න එකා පෙන්නන්න බැරිය.ඒ මානසිකත්වය ක්‍රීඩාව පාලනය කරන අමාත්‍යවරයාට තිබුණොත් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට එක තැන නැවතී දෙපැත්තට වැනි වැනී සිටින්නටය.

පළමුව ආර්ථිකය හසුරුවන්න අවශ්‍යය මිණුම් දඬු ගැන අලුත් ක්‍රීඩා අමාත්‍යවරයාට ටියුෂන් අනවශ්‍ය බව අපි දනිමු.ඔහු එය දන්නා විෂය වන බැවිනි.එහෙත් මේ ක්‍රීඩා සංගම්,සම්මේලන දිහා බලාගෙන යන විට පළමුව තේරුම් ගත යුතු එක ඇත්තක් වනු ඇත්තේ අපට ක්‍රිකට් වැනි ආදායම් ලැබෙන ක්‍රීඩාවන් කිහිපයක් සකසා ගත හැකිනම්,ඒවායෙන් උදව් රැඟෙන තවත් ක්‍රීඩාවන් කිහිපයකට අවස්ථාව සළසා දිය හැකි වනු ඇති බවය.
ලංකාවට මුදල් යම් මට්ටමකින් ක්‍රිකට්වලට පසුව එන්නේ පාපන්දු,රගර් වැනි ක්‍රීඩාවලින්ය.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිටියදී ක්‍රිකට් ද සමඟ ඒ ක්‍රිඩා දෙකත් ජාත්‍යන්තර වශයෙන් තහනමට යන තැනට වැඩ කළේය.පාර්ලිමේන්තුවම එක් වි ක්‍රිකට්වලට ගැහුවේය.ඒ ගහන හැම වචනයකම තිබුණේ එහි තියෙන මහා මුදල් කන්දරාව ගැන කතාය.ඒ පුහු වීරත්වයෙන් ඈත්ව සිටියේ එවකට ජාතික ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරු පමණි.එය සාර්ථක පියවරක් වූයේ සියල්ල අයිසීසී ය යටතේ එහි වන නියමයන්ට අනුව ආණ්ඩුවට පස්සට ගොස් ශ්‍රී ලංකා ක්‍රිතට්වලට ඉඩ දෙන්න වූ නිසාය.
හැබැයි කිසිඳු මංත්‍රීවරයෙක් අනෙක් ක්‍රීඩාවන් දෙක තහනම් වූ හේතු ගැන කතා කෙරුවේ නැත.ඒවාට බල පෑ අමාත්‍ය තීරණ ගැන විවේචනය කරනු වෙනුවට සල්ලි තියෙන තැන අල්ලාගන්න සහ හොල්ලන්න පෙරට පැමිණි රොෂාන් රණසිංහව වීරයාට ඇන්දුවේය.ජනපති සිහිනයක සිටි ඔහු ඇඳ ගැනීමේ කලාවේ උපරිමයට ගොස් අද සිටින තැන අපි දකින්නෙමු.

උදාහරණයකට විදේශ ක්‍රීඩකයින් නිසි පරිදි නොමැතිව ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවා ජාත්‍යන්තර රගර් සම්මේලනයෙන් පවුම් 50000 ක දඩයක් ගැසූ විට,එම දඩය වැරදි තීරණය ගෙන එම ක්‍රීඩකයින්ව ක්‍රීඩා කරවපු නිලධාරීන් ගෙවිය යුතු නොවේද?ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් පරීක්ෂණයක් කර ඔවුන්ට කෙටි කාලයකට හෝ ක්‍රීඩාවේ නිලතල දැරීම තහනම් කළ යුතුද නැද්ද? ඒ කිසිවක් සිඳු වී නැත.ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ලෝක සම්මේලනයෙන් දෙන මුදල්වලින් වාරික ලෙස වසර ගණනකට එම දඩ මුදල අඩු කර ගන්නා ලෙස දැණුම් දෙන්නේ රට අවමානයට පත් කළ නිලධාරීන්මය.ඔවුන් තවත් පාඩුවක් කරන්නේය.

එම ක්‍රීඩාවම ගත් විට එම සංගමය මිලියන 55 ක් ණය කිරීම ගැන කිසිඳු මහජන නියෝජිතයෙකුට දැණුනේ නැත.සමහර විට දන්නේ ද නැත.අමාත්‍යංශය හොයන්නේ ද නැත. මේ වන විට නිලධාරීන් කියන්නේ ඒවා පරණ වැඩ,අපි ඉන්න කොට වෙච්චි දේවල් නොවේ යනුවෙන්ය.සුනිල් කුමාර ගමගේ ත් සමහර විට ඒවා පරණ ඒවා වැඩක් නැහැ කියා දැන්වත් වරදට දඩුවම් දීමට යද්දී නවත්වන්නට මේ නිලධාරි ඉදිරිපත් විය හැකිය.
මේ සියල්ල පටන් ගන්න තැනම ලියා තබන්නේ ක්‍රිකට්වලට දීපං බැටේ කියා ඇමතිකමට එන කොටම බොහෝ අය කියා ඇති බව හැඟෙන නිසාය.හැබැයි අප විශ්වාස කරන්නේ ක්‍රිකට් සමඟ කතා කර සුහදතාවයෙන් තවත් ක්‍රීඩා කිහිපයක අනාගත දක්ෂයන් කිහිප දෙනෙකු හෝ ඔවුන් ලබා බලා ගන්නා අතරම,මේ වන විට නිලවරණ නොපවත්වා ඒවායේ බලය තමන්ගේ අතේ තියාගෙන ක්‍රීඩා කරන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව ඊට පොළඹවපු ඇමතිවරු මෙන් නොවී,ඒ සංගම්වලට ඒ ප්‍රශ්න විසඳා ගන්නට අවශ්‍යය පරිසරය සකසා ගැනීමට නිලවරණ පැවත්වීමය.රටේ මහා ජනතාව වගේම ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉන්න ඡන්ද හිමියන්ගේ ද එම අයිතිය අහෝසි කිරිම බරපතල වැරදි කාරණයක්ය.
එසේම මේ සංගම්වල මූල්‍යමය තත්ත්වය යහපත් කරගෙන ස්වාධීනව වැඩ කරන්නට පරිසරියක් සකසා දීම වැදගත්ය.ක්‍රිකට් ගැන මුලින්ම මේ සටහනට එකතු කළේ ද ඒ නිසාය.ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරන තත්ත්වයකට ක්‍රීඩා සංගම් පත් විය යුතුය.නිලවරණවලදී ගහ බැන මරා ගෙන උසාවි ගාණේ රස්තියාදු වි බලය අත්පත් කර ගන්නා සංගම් සම්මේලන නිලධාරී ඉනික්බිතිව දකින්නට හැක්කේ ඇමති දොරකඩය.හේතුව ලැබෙන සංචාරවලට යන්න මුදල් ඉල්ලා ගන්නය.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ වියදම් ගැන අලුත් අමාත්‍යවරයා නිරීක්ෂණය කළහොත් විවිධ ක්‍රීඩා සංගම්වලට විදේශ සංචාර සඳහා කෙතරම් මුදල් ලබා දී ඇද්ද යන්න අවබෝධ කර ගන්න අපහසු නැත.ඉතුක් කාලයේ ඒ ආකාරයට ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා මුදල් දීම සාධාරණය.ඒ හැරෙන්නට මුදල් දෙන්නට සිඳු වන්නේ ඇයි?

එම සංගම් පරිපාලනය කරන පුද්ගලයින් අනුග්‍රහය සොයා ගැනීමට අසමත් නිසාය.එතකොට ඔවුන් බලයට එන්නේ අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලාගෙන ක්‍රීඩාව නඩත්තු කිරීම ගැන විශ්වාසයෙන්ය.වගා කරගෙන කෑම වෙනුවට කවුරුන් හෝ වගා කර දෙන දේ කෑමට සමාන මේ තත්ත්වය සීමා කළ යුතුව ඇත.කුමන නිර්නායකයක් යටතේ අමාත්‍යංශය මුදල් වියදම් කරන ජාත්‍යන්තර තරගාවලි සහ වියදම් නොකරන තරගාවලි හඳුනාගෙන කටයුතු කළ යුතුය.ඒ ඉතිරි මුදලින් රටේ ක්‍රීඩාවන් හී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට යෙදවිය හැකිය.
එසේම රජයක් හැටියට ක්‍රීඩා පණතේ තනතුරුවලට පත් වීමේදි නම් කර තිබෙන වයස් සීමාවන් මෙන්ම කාල පරාසයන්ද,කොපමණ වාරයක්ද යන කාරණා ද නැවත සැළකිල්ලට ගෙන ඒවා නිසා අත හැරෙන දක්ෂයන් ගැන අවබෝධ කර ගනීම වටින්නේය.මේ බොහෝ සීමාවන් පැන වී ඇත්තේ තමන් අකමැති පුද්ගලයින් ඉවත් කර ගැනිමටය.එය ක්‍රීඩාවට අවශ්‍යයද නැද්ද යන්න තීරණය කර නොවේය.මේවා ගැන එඩිතරව තීරණ ගන්නට සිඳු වනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here