ඒ, මෙම මන්ත්රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට රනිල් වික්රමසිංහ මහතා තද උත්සාහයක නියැළෙමින් සිටි පසුබිමකදී ය.
මෙම මන්ත්රී ධුර දෙක සඳහා පත්කිරීම් සිදුකිරීම හැකිතාක් ප්රමාද කරවා ගැනීමට ද වික්රමසිංහ මහතාට වුවමනා වී තිබී ඇති අතර රවී කරුණානායක මහතා පක්ෂයේ ලේකම්වරිය හරහා ඔහුගේම නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ එවන් තත්වයක් තිබියදී ය.
ඒ අනුව වික්රමසිංහ මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙහි සිටින ජනාධිපති නීතීඥවරුන් දෙදෙනා වන ෆයිසර් මුස්තාෆා සහ රොනල්ඩ් සී. පෙරේරා අමතා මෙම මන්ත්රී ධුර අයිති ඔවුන් දෙදෙනාට හෙයින් එම මන්ත්රී ධුර ලබාගැනීම සඳහා අධිකරණය හමුවේ නඩු පවරන ලෙස දැනුම් දී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.
එමෙන්ම වික්රමසිංහ මහතා රවී කරුණානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් කේන්තියකින් පසුවන අතර ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්රධානීන්ගේ විශේෂ හමුවක් ද අද (නොවැම්බර් 18) සවස කැඳවා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත් –
Sri News Media